බන්දුලගෙ පඩිය කොවිඩ් අරමුදලට

වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ වැටුප කොවිඩ් අරමුදල සඳහා පරිත්‍යාග කිරීමට ඔහු කටයුතු කර තිබෙනවා. ඔහුගේ මෙම කැප කිරීම ජනපතිවරයාගේ පැසසුමට ලක්වූ බවයි ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර පවසන්නේ. මහජන සේවකයෙකු වශයෙන් ඔහු කළ ක්‍රියාව ඉතාමත් ආදර්ශමත් බව ජනපතිවරයා පැවසූ බවට ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කළ ලිපියක දැක්වෙනවා.