ශ්‍රී ලංකාව 2022 වසරට ප්‍රවිශ්ට වීමට නියමිතව ඇත්තේ දෙකොන ඇවිළුණු පන්දමක් ලෙසට බව ශ්‍රී ලංකා මහබැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන ඩබ්.ඒ. විජේවර්ධන මහතා පවසනවා.
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඒ මහතා පවසන්නේ බැංකුවල ශුද්ධ රුපියල් හිඟය රුපියල් බිලියන 455 දක්වා වැඩි වී ඇති බවත් බැංකුවල විදේශ විනිමය හෝ ද්‍රවශීලී රුපියල් නොමැති බවත් ඒ මහතා පවසනවා.
එබැවින්, බැංකු පද්ධතිය පවත්වාගෙන යාමට මහ බැංකුව දැන් රජයේ සහ වාණිජ බැංකු යන දෙපාර්ශවයටම අරමුදල් සැපයිය යුතුව ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.
පොලී අනුපාත සහ විනිමය අනුපාතික කෘතිමව පාලනය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම අර්බුදය ඇතිව ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති ස්ථාවරය බිඳ දමමින් උද්ධමනය වැඩි වෙමින් පවතින බවත් බ්.ඒ. විජේවර්ධන මහතා පවසනවා.
This’s the outcome of controlling both interest rates &exchange rate artificially;inflation is on the increase foiling CB’s policy stance;according to reports,banks are acquiring 1month spot SWAP dollars with a promise to receive 192.25 for 200 in 1month implying $/Rs rate of 208
— W A Wijewardena (@waw1949) December 25, 2021