ඉතාලියේ මොන්කොල්ෆොනෙ නගරය තුළ ක්‍රිකට් ක්‍රීඩා කිරීම තහනම් කිරීමට එම නගරයේ බලධාරීන් කටයුතු කර තිබෙනවා.
එම නගරයේ 30%ක් පමණ ජීවත් වන්නේ විදෙස් රටවලින් පැමිණි පිරිසක් බවත් ඉන් බහුතරය බහුතරය බංග්ලාදේශ ජාතිකයින් බව පැවසෙනවා.
90 දශකයේදී සුඛෝපභෝගී නෞකා ගොඩනැගීම සඳහා ඔවුන් එම ප්‍රදේශයට පැමිණ තිබෙනවා.
එම නගරයේ සංස්කෘතික අගයන් තර්ජනයකට ලක්වී ඇති බැවින් මෙම තහනම පැනවිමට හේතුව ලෙස එහි නගරාධිපතිනිය පෙන්වා දෙනවා
මෙම නගරය පාලනය කරනු ලබන්නේ උග්‍ර දක්ෂිණාංශික ලීග් පක්ෂයේ නගරාධිපතිනියක් බවත් ඔවුන් සංක්‍රමණික විරෝධී ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවත් විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.