31 C
Colombo
Wednesday, February 12, 2025

රනිල් දුන්න බාර් පර්මිට් අහෝසි කරන්න බැහැ  – බිමල්

- Advertisement -

ජාතික ජන බලවේග ආණ්ඩුව නව මත්පැන් බලපත්‍ර ලබා නොදෙන බවත්,පසුගිය රජය නීත්‍යනුකූලව ලබා දුන් මත්පැන් බලපත්‍ර නවතා දැමීමට කටයුතු කළහොත් නීතිමය ගැටලුවකට මුහුණ දීමට සිදු වන බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා.

ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කවීන්දිරන් කෝඩීස්වරන් මහතා කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව සඳහන් කර සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ බිමල් රත්නායක මහතා,

“ජාතික ජන බලවේගයේ ආණ්ඩුව අලුතින් කිසිදු මත්පැන් බලපත්‍රයක් දීලා නෑ. මේ ලබා දී තිබෙන බලපත්‍ර බොහොමයක් මන්ත්‍රීවරුන් මිලදී ගැනීම සඳහා, විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා අවසාන මාස ගණනාව තුළදී දුන්න බලපත්‍ර තමයි වැඩි ප්‍රමාණයක් තිබෙන්නේ.

අපි ඒවා මෙතන හැන්සාඩ් ගත කරලා තියෙනවා. බලපත්‍රයක් නීත්‍යනුකූලව ලබා දුන්නට පස්සේ ඒක නීතිමය ලියවිල්ලක්. ඒක අපි දේශපාලන වශයෙන් අකමැති වුණාට ඒක අහෝසි කිරීම නීතිමය කටයුත්තක්. ඒ නිසා ආණ්ඩුවකට ගිහින් ඒක බලහත්කාරයෙන් වහන්න බෑ.

ඒත් ඒ වෙනුවෙන් කළ හැකි පරිපාලනමය පියවර තිබෙනවා. අපි රටක් වශයෙන් ක්ලීන් කරන්න හදන්නේ පරණ කුණු කන්දල් තමයි.

මේවා තමයි කරපු විනාශය. අපි ආණ්ඩුවක් වශයෙන් කිසිසේත්ම බලපත්‍ර ලබා දෙන්නේ නැති වුණාට අලුතින්, නීත්‍යනුකූලව දුන්න ඒවා නතර කරන්න ගියොත් නීතිමය ගැටලුවක් එනවා.”

RECENT ARTICLES - SINHALA

පාසල් ගැටුමට සිසුන් සිව් දෙනෙක් පොලිස් භාරයට

කඩුවෙල ජාතික පාසලක දරුවන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් පහර දීමට සම්බන්ධ පාර්ශවයේ දරුවන් සිව් දෙනෙකු පොලිස් භාරයට ගත් බව නවගමුව පොලිසිය පවසනවා. පොලිසිය...

කුවේට් අගමැති හා ජනපති අතර හමුවක්

2025 ලෝක රාජ්‍ය සමුඵව සහභාගී වීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගොස් සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා කුවේට් අග්‍රාමාත්‍ය ෂෙයික් අහමඩ් අබ්දුල්ලා...

අර්ච්චුනා පහරදුන් පුද්ගලයෙක්ට සැත්කමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ච්චුනා රාමනාදන් මහතා පිඟානකින් පහර දී තුවාල සිදුකළ පුද්ගලයා මේ වනවිට සැත්කමක් සඳහා යොමු කර ඇතැයි යාපනය ශික්ෂණ රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂවරයා...

POPULAR ARTICLES