32 C
Colombo
Thursday, March 28, 2024

බාර් ඇරියෙ ජනතාව ගැන හිතලා – SB

- Advertisement -

සුරාසැල් වසාදමා තිබෙන විට මහජනයා විවිධ නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනයට යොමුවන හෙයින් සුරාසැල් විවෘත කළ බව පොදුජන‍ පෙරමුණේ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පවසනවා.

ඒ, කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් පසුගිය දිනවලදී නිරෝධායන ඇඳිරි නීතිය පනවා සුරාසැල් ද වසා තැබීම හේතුවෙන් ග්‍රාමීය මට්ටමින් විෂ මත්පැන් නිෂ්පාදනය ඉහළ ගොස් ඇති නිසා එම උවදුරින් ජනතාව බේරා ගැනීම මෙහි මූලික අරමුණ වූ බවයි ඔහු පෙන්වා දෙන්නේ.

කොවිඩ් තත්වය හේතුවෙන් නීතිවිරෝධී මත්පැන් වැටලීමද අසීරු බැවින් සුරාසැල් විවෘත කිරීමෙට තීරණය කළේ කවුරුන්ද යන්න‍ සොයා බැලීමට වඩා වැදගත් වන්නේ විවෘත කළේ කුමන අරමුණක් මත යන්න වටහා ගැනීමට උත්සුක විය යුතු බවටයි ඔහු අවධාරණය කරන්නේ.

තවද, ආණ්ඩු පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් මාධ්‍ය හමුවේ රජයේම මැති ඇමතිවරුන් විවේචනය කිරීම, ඔවුන්ගේ අඩුපාඩු ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම යහපත් තත්වයක් නොවන බවත්, ගැටලු පක්ෂය තුළ විසඳා ගත යුතු බවත් වැඩිදුරටත් ඔහු පවසා සිටිනවා.

RECENT ARTICLES - SINHALA

සංවර්ධන ලොතරැයි මණ්ඩලයට වාර්තාගත ලාභයක්

සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබෙනවා. ඒ අනුව 2022 – 2023 වසර සඳහා 32%ක ලාභ සීමාවක් වාර්තා...

උද්දික යළි දිවයිනට

ජනප්‍රිය රංගන ශිල්පි, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි උද්දික ප්‍රේමරත්න සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් අද (28) උදැසන යළි දිවයිනට පැමිණ තිබෙනවා. උද්දික ප්‍රේමරත්න පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා...

චීනයෙන් හම්බන්තොටට ඉන්ධන පිරිපහදුවක්

චීනයේ සයිනොපෙක් සමාගම විසින් මෙරට ඉදිකිරීමට නියමිත ඉන්ධන පිරිපහදුවේ ඉදිකිරීම් කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට කැමැත්ත ප්‍රකාශ කර තිබෙනවා. විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන...

POPULAR ARTICLES

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අරක්කු මිල පහළට?

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර සුරා බද්ද අඩු කළහොත් ගල් අරක්කු බෝතලයක මිල අඩු කළ හැකි බව නිෂ්පාදන සමාගම් සුරාබදු දෙපාර්තමේන්තුවට දැනුම්...