27 C
Colombo
Monday, August 8, 2022

බැසිල් නිදොස් කොට නිදහස්

- Advertisement -

හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හතර දෙනෙකු නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය අද (30) නියෝග කර ඇති බව වාර්තා වේ.

2015 වසරේ පැවැත්වූ ජනාධිපතිවරණය සමයේ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් අරමුදල්වලින් රුපියල් මිලියන 2992 කට අධික මුදලක් වැය කර දිවිනැගුම සහනාධාරලාභීන්ට නිවාස ආධාර ලබා දීම තුළින් රජයේ අරමුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි ඔවුන්ට චෝදනා එල්ල වී තිබුණි. 

කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා මෙම තීන්දුව ප්‍රකාශයට පත්කර ඇත.

මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස නම් කර සිටි ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක, දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක සහ එම දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි යන මහත්වරුන් ද මෙසේ නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කෙරුණි.

RECENT ARTICLES - SINHALA

චීන නැව නැංගුරම් ලෑම කල් දාන්නැයි ශ්‍රී ලංකාව චීනයෙන් ඉල්ලයි!

ලබන 11 වැනිදා හම්බන්තොට වරායට පැමිණීමට නියමිත චීන පර්යේෂණ නෞකාවක් වන ‘යුවාන් වැන්ග් 5’ (Yuan Wang – 5) පිළිබඳ ඉන්දීය රජය සිය...

හදිසි නිතිය වහාම ඉවත් කරන්න..! – සජිත්ගෙන් ජනපතිට ඉල්ලීමක්

දැනට ක්‍රියාත්මක හිදිසි නිතිය වහාම ඉවත් කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලා තිබෙනවා. ඒ,...

විනාශ වූ තට්ටු දෙකේ නිවාස වෙනුවට මන්ත්‍රීවරුන්ට තට්ටු 3ක නිවාස..! – වජිර

මැයි 09 වැනිදා ඇතිවූ කළහකාරී සිදුවීම් අතරතුර ගිනිතබා විනාශ කළ, දේශපාලනඥයන්ගේ සහ ව්‍යාපාරිකයන්ගේ නිවාස ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් යළිත් ඉදිකර දියයුතු බව එක්සත් ජාතික...

RECENT ARTICLES - ENGLISH

Long March 5B: Debris from Chinese rocket falls back to Earth

0
Chinese rocket debris has crashed to Earth over the Indian and Pacific oceans, US and Chinese officials say. China's...

Rights group seeks arrest of former Sri Lanka president in Singapore

0
A rights group documenting alleged abuses in Sri Lanka has filed a criminal complaint with Singapore’s attorney general, seeking the arrest of...

President reaffirms Sri Lanka’s commitment to uphold rights of peaceful, non-violent assembly

0
President Ranil Wickremesinghe has reaffirmed Sri Lanka’s commitment to upholding the rights of peaceful, non-violent assembly.  The President expressed...