26 C
Colombo
Friday, March 29, 2024

බැසිල් සහල් මිලට දැනෙන වෙනසක් කරයි – බන්දුල

- Advertisement -

ආනයනික සහල් තොග මේ වනවිට සතොස වෙළෙඳසැල් වෙත බෙදාහැර අවසන්ව ඇතැයි වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අද (03) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ ඉදිරි සති දෙක ඇතුළත සහල් කිලෝවක් රුපියල් සියයකට අඩු මුදලකට මිලදී ගැනීමට පාරිභෝගිකයින්ට හැකිවනු ඇති බවයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා

“ආනයනික පළමු නාඩු සහල් තොගය මේ වනවිට ලංකාව පුරාම සතොස වෙළෙඳසැල් වෙත බෙදාහැරලා අවසන්. එක පාරිභෝගිකයෙකුට කිලෝවක් රුපියල් 99 ගානේ සහල් කිලෝ 5ක් ලබාගන්න පුළුවන්. අනෙකුත් වර්ගවල සහල් ද රජය මැදිහත්වෙලා ගේනවා. ඒ අනුව ඉදිරියේදී ලැබෙන තොග සමග අනෙකුත් වෙළෙඳසැල් වෙතත් බෙදාහරිනවා. ඊයේ මුදල් ඇමතිතුමා තීරණයක් ගත්තා වෙළෙඳපොළ සහල් මිලට දැනෙන බලපෑමක් ඇති කරන්න පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයන්ටත් දෙසැම්බර් 31 වෙනකම් සහල් ආනයනය කරන්න ඉඩ දෙන්න. මේ නිසා ඉදිරියේදී වෙළෙඳපොළ සහල් මිල රුපියල් 100ට වඩා පහළට එයි.”

RECENT ARTICLES - SINHALA

අද අපි සිංහල අවුරුද්ද සමරන්නේ ජනපති නිසා – වජිර

පසුගිය වසර තුනක කාලයක් අලුත් අවුරුද්ද සැමරීමට ජනතාවට අවස්ථාව හිමි නොවු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා. නමුත් රටේ සියලු ජනතාවට මෙවර අලුත් අවුරුද්ද...

මහරගම බෝ ගසේ අත්තක් කඩා වැටී දෙදෙනෙකුට තුවාල

මහරගම නගරයේ පිහිටි බෝ ගසක අත්තක් කඩා වැටී තිබෙනවා. මෙයින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙන බව පොලිසිය පවසනවා. මේ හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් පවතින...

බාෂික් ව අත්අඩංගුවට ගැනීමට එරෙහි අතුරු තහනම් නියෝගය දීර්ඝ කෙරේ

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය විසින් නදිම් බාෂික් නමැත්තකු අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නිකුත්කර තිබෙන අතුරු තහනම් නියෝගය අප්‍රේල් 29 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

අරක්කු මිල පහළට?

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර සුරා බද්ද අඩු කළහොත් ගල් අරක්කු බෝතලයක මිල අඩු කළ හැකි බව නිෂ්පාදන සමාගම් සුරාබදු දෙපාර්තමේන්තුවට දැනුම්...