25 C
Colombo
Sunday, December 10, 2023

බැසිල්-රනිල් රණ්ඩුව ටොප් විකට චිත්‍රපටියක්..! -අනුර

- Advertisement -

සර්ව පාක්ෂික සමුළුවක් සඳහා වංචනිකයන් පිරිසක් එක්වූ බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ඒ, ‘බිඳවැටුණු මව්බිම ගොඩනගන විසඳුම’ නමින් පැවති ජාතික ජන බලවේගයේ අම්පාර දිස්ත්‍රික් සමුළුවට ඊයේ (24) පස්වරුවේ එක්වෙමින්.

“මේ සිද්දවෙමින් තිබෙන දේ ගැන දන්නවා. දැන් අපිට ඕන වෙලා තිබෙන්නේ මේකෙන් අපි ගැලවෙන්නේ කොහොමද. දැන් මම දැක්කා ගැලවෙන්න සර්ව පාක්ෂික සමුළුවක් කැඳවලා තියෙනවා. මම හිතුව කට්ටිය වාඩි වෙලා මේ විදියට කරයි කියලා. රනිල් වික්‍රමසිංහ මහත්තය කියනවා. මහ බැංකු බැදුම්කරයෙන් මෙච්චර ගැහුවා ඕං එව්වා. කබ්රාල් කියනවා සේවක අර්ථසාදක අරමුදලේ මෙච්චර විනාශ කළා, ග්‍රීසියේ සල්ලි දාලා මෙච්චර විනාශ කළා, අමෙරිකාවේ CIA කාරයෙකුට සල්ලි දීලා මෙච්චර විනාශ කළා. ඔන්න එව්වා. මේසෙ උඩ තියනවා. මෛත්‍රීපාල සිරිසේනට කියන්න පුළුවන් ජනාධිපති වෙලා ගෙදර යනකොට කෝටි 800ක් වටිනා ගෙයක් ලියාගත්තා මේං ඒක ආපහු. බැසිල් රාජපක්ෂට කියන්න තිබ්බා මල්වානේ ගෙදර, මාතර බ්‍රවුන්ස් හිල් වල ඉඩම් ලොස් ඇන්ජලීස් වල දේපළ, මෙන්න එව්වා. එහෙමනම් ඉතින් කන්ටේනර් හත අටක් පුරවන්න පුළුවන් ඩොලර් හොයාගන්න තිබුනා. එහෙම නම් මේ අර්බුදයට විසඳුමක් වෙනවා ඔය සර්ව පාක්ෂික සමුළුවෙන්.

හැබැයි එකක් කියන්නම් ඒගොල්ලෝ ස්වෙච්ඡාවෙන් ඕවා පෙන්නන්නේ නැති බවත් දන්නවා දෙන්නේ නැති බවත් දන්නවා. මේ රට හදන්නේ යළි කවදාහරි ඒ සියල්ල යළි පවරාගෙන. වංචනිකයන් රැළක්. රට විශාල ප්‍රපාතෙකට ඇදපු කණ්ඩායමක්. යළි එකට එකතුවෙලා සාකච්ඡා කරනවා මේ රට හදන්න. ඇත්තට අද අවශ්‍ය වී තියෙන්නේ ඒ කණ්ඩායම් විසඳුම් හොයන එක නෙවෙයි. ඒ කණ්ඩායම පළවාහරින එක. කාටහරි හිතෙනවාද ඒත් සහෝදරයා බැසිල්-රනිල් බැනගත්තා වගේ ටොප් හොඳද.. චිත්‍රපටියකට හොඳයි විකට. රටට වැඩක් නෑ. ඒ නිසා මේ රට ගොඩගන්න අපි නව දේශපාලන කණ්ඩායමක් අතට බලය මාරු කළ යුතුයි.”


RECENT ARTICLES - SINHALA

AI තාක්ෂණයට ඉතිහාසයේ වැඩිම මුදල අයවැයෙන් වෙන් කළා- ජනාධිපති රනිල්

කෘත්‍රීම බුද්ධිය හෙවත් AI තාක්ෂණය මෙරටට ගෙන ඒමට සහ විද්‍යාත්මක හා තාක්ෂණ පර්යේෂණ කටයුතු ඉදිරියට ගෙන යාම වෙනුවෙන් මෙරට ඉතිහාසයේ වෙන් කළ වැඩිම මුදල...

වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත යළි හෙට පාර්ලිමේන්තුවට

පාර්ලිමේන්තුවට අද (10) දින ඉදිරිපත් කර සම්මත කිරීමට නියමිතව තිබූ වැට් බදු පනත් සංශෝධන පනත් කෙටුම්පත යලි හෙට (11) දිනයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත...

පෙට්‍රල් සහ ඩීසල් වලටත් බඳු ගහනවා-රංජිත් සියඹලාපිටිය

පෙට්‍රල් සහ ඩීසල් සඳහා ද VAT නොහොත් එකතු කළ අගය මත බද්ද අය කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. ඔහු මේ බව...

POPULAR ARTICLES

රට පුරා විදුලිය විසන්ධි වෙයි

මේ වන විට ලංකාව පුරා හදිසි විදුලිය බිඳ වැටීමක් සිදුව ඇති බව විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්න මහතා  පවසනවා. පද්ධතියේ ඇතිවී තිබෙන දෝෂයක්...

සුරාසල් විවෘතව තබන වේලාවේ වෙනසක්

දෙසැම්බර් මස 09 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි සුරාසල් විවෘත කරන හා වසනු ලබන වෙලාව සංශෝධනය කර තිබෙනවා. සුරාබදු ආඥා පනතේ 52 වැනි අධිකාරියේ 32-1...

අර්ජුනගෙන් අලුත් සන්ධානයක්

දූෂිතයින්ගෙන් සහ වංචාකාරීන්ගෙන් තොර නව සන්ධානයක් බිහි කරන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රිකට් නායකයෙකු වන අර්ජුන රණතුංග පවසනවා. ඔහු මේ බව කියා සිටියේ, අස්ගිරි...