බැසිල් යළි යළිත් නිදොස් කොට නිදහස්

 රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ චෝදනා මත පවරා තිබූ නඩුවෙන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ නිදොස් කොට නිදහස් කර තිබෙනවා. මෙම නඩුව කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පවරා තිබුණා. මීට පෙර බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව පවරා තිබූ නඩු ගණනාවකින් ඒ මහතා නිදොස් කොට නිදහස් වුණා.