32 C
Colombo
Thursday, March 28, 2024

බැසිල් හිටියා නම් තෙල් මිල වැඩි වෙන්න දෙන්නෙ නෑ (VIDEO)

- Advertisement -

කොවිඩ් වසංගතයත් සමග ජනතාව ඉතාමත් අසීරුතාවයකට පත්ව තිබියදී තෙල් මිලත් ඉහළ දැමීම තමන් අනුමත නොකරන බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා පවසනවා.

ඒ අද (14) දින මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

ඉන්ධන මිල ඉහළ යාම මෙරට සමස්ත භාණ්ඩ හා සේවා වල මිල තීරණය කිරීමටත් සාධකයක් වන බව පෙන්වා දෙන ඒ මහතා වැඩිදුරටත් පවසන්නේ මෙම අවස්ථාව ඉන්ධන මිල සංශෝධනයකට සුදුසු නොවන බවයි.

බලශක්ති අමාත්‍යවරයාට ඉල්ලා අස් වන ලෙසට පවසමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් නිකුත් කළ නිවේදනය පිටුපස බැසිල් රාජපක්ෂ සිටින බවට පළවන මතට ප්‍රතික්ෂේප කරන බවත් බැසිල් රාජපක්ෂ මෙරට සිටියේ නම් මෙම මිල සංශෝධනයට ඉඩ නොදෙනු ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටිනවා.

“බැසිල් රාජපක්ෂ මහත්තයට ඕනෙ නම් එතුමා ජනාධිපතිතුමාට කතා කරයි. කාරියවසම් මහත්තයා පිට කරන්න ඇත්තේ පක්ෂයේ පහළ මිනිස්සුන්ගෙන් එන පීඩනය.” යැයි ඒ මහතා පවසනවා.

RECENT ARTICLES - SINHALA

උද්දික යළි දිවයිනට

ජනප්‍රිය රංගන ශිල්පි, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි උද්දික ප්‍රේමරත්න සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් අද (28) උදැසන යළි දිවයිනට පැමිණ තිබෙනවා. උද්දික ප්‍රේමරත්න පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා...

චීනයෙන් හම්බන්තොටට ඉන්ධන පිරිපහදුවක්

චීනයේ සයිනොපෙක් සමාගම විසින් මෙරට ඉදිකිරීමට නියමිත ඉන්ධන පිරිපහදුවේ ඉදිකිරීම් කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට කැමැත්ත ප්‍රකාශ කර තිබෙනවා. විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන...

ෂොපින් බෑග්වල බඩු ගන්න අය මේකත් දැනගන්න

වෙළෙඳසැල්වලින් භාණ්ඩ මිලදී ගැනීමේදී ලබාදෙන ෂොපින් බෑග් සඳහා මුදල් අය කිරීම තහනම් කරමින් පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය ඉවත් කරගන්නා...

POPULAR ARTICLES

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අරක්කු මිල පහළට?

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර සුරා බද්ද අඩු කළහොත් ගල් අරක්කු බෝතලයක මිල අඩු කළ හැකි බව නිෂ්පාදන සමාගම් සුරාබදු දෙපාර්තමේන්තුවට දැනුම්...