27 C
Colombo
Saturday, April 20, 2024

බදියුදීන් රෝහල් වැසිකිළි කවුළුවෙන් බෙහෙත් පෙති විසිකරලා. යළිත් CID යට

- Advertisement -

කොළඹ ජාතික රෝහලේදී රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාට බීමට දුන් බෙහෙත් ඔහු දිනපතා රෝහල් වැසිකිලියේ ජනේලයෙන් ඉවතට විසිකර ඇතිබව අනාවරණය වී තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ සේවය කරමින් සිට පිළිස්සී මියගිය වයස අවුරුදු 16 දැරියගේ සිදුවීමට පසු දිනයේ ඇතිවූ අසනීප තත්ත්වයක් මත රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර කළා.

ඒ වන තෙක් ඔහු රැදවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවුණා.

රෝහල් ගත කිරීමෙන් අනතුරුව මන්ත්‍රීවරයා වෙනම වැසිකිළියක් භාවිතා කර ඇති අතර ඔහු සෑම දිනකම එය භාවිත කිරීමට යන අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඒ පිළිබඳව විමසිල්ලෙන් පසුව තිබෙනවා.

ඒ අනුව අද (24) දිනයේදී ඔහු වැසිකිළියට ගොස් ඇත්තේ සැක සහිත ලෙස කොළ කැබැල්ලක් සිය අත්ල මත ගුලි කරගෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හට නිරීක්ෂණය වී තිබෙනවා.

වැසිකිළිය තුළට ගිය මන්ත්‍රීවරයා තමන් අත වූ කොළ කැබැල්ල එහි කුඩා ජනේලයෙන් ඉවතට විසිකර ඇති අතර ඒ අවස්ථාවේදී ඒ අසල සිටි බුද්ධි නිලධාරීන් විසින් එය අහුලාගෙන පරීක්ෂා කිරීමේදී ඒ තුළ වූ බෙහෙත් පෙති කිහිපයක් සොයා ගැනුණා.

අනතුරුව මන්ත්‍රීවරයා සිටි 52 වැනි වාට්ටුව භාර වෛද්‍යවරයාට අදාළ බෙහෙත් පෙති ඉදිරිපත් කිරීමෙන් පසුව අනාවරණ වී ඇත්තේ ඔහුට පානය කිරීමට ලබාදෙන බෙහෙත් පෙති මෙලෙස ඉවතට විසිකර ඇති බවයි.

මේ හේතුවෙන් මන්ත්‍රීවරයාගේ ප්‍රතිකාර අවසන් කර ඔහුව නැවත වතාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන යෑමට වෛද්‍යවරයා විසින් නිර්දේශ කර තිබෙනවා.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාව යළිත් වරක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන යාමට එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කටයුතු කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

නවසීලන්තයට ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයක්

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයක් නවසීලන්තයේ වෙලිංටන් හි විවෘත කිරීමට තීරණය කර තිබෙනවා. විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ, කැබිනට් මණ්ඩලයේ තීරණයකට අනුව ශ්‍රී ලංකා...

උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමට

අද (20) දිනයේ මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තුමේන්තුව සඳහන් කළේ දිස්ත්‍රික්ක 4ක් හැරුණු...

සර්වෝදය නිර්මාතෘ ඒ.ටී. ආරියරත්නගේ අවසන් කටයුතු අද

සර්වෝදය ව්‍යාපාරයේ නිර්මාතෘ අභාවප්‍රාප්ත ආචාර්ය ඒ.ටී ආරියරත්නගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව කොළඹ නිදහස් චතුරස්‍රයේදී අද (20) සිදුකිරීමට නියමිතයි. පසුගිය අඟහරුවාදා අභාවප්‍රාප්ත වන විට ඔහු...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

ඊශ්‍රායලයෙන් ඉවත් වෙන්නැයි ඕස්ට්‍රේලියානුවන්ට නිවේදනයක්

ඉරානය වෙත ඊශ්‍රායලය ප්‍රහාර මාලාවක් දියත් කිරීමත් සමඟ ඊශ්‍රායලයේ වෙසෙන සිය වැසියන්ට එරටින් ඉවත් වෙන ලෙස ඕස්ට්‍රේලියාව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. ඊශ්‍රාලයෙන් ඉවත් වීම...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...