භාතිය ජයකොඩිටත් කොවිඩ්

සුප්‍රසිද්ධ BNS සංගීත කණ්ඩායමේ භාතිය ජයකොඩි මහතා හට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට හදුනාගෙන තිබෙනවා. ඔහු මේ වන විට නවලෝක රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා. සිරස The Voice වැඩසටහනේ විනිසුරුවරයෙක් ලෙසද භාතිය ජයකොඩි මහතා කටයුතු කරනවා. සිරස ආයතනය තුළ මේ වන විට කොවිඩ් ආසාදිතයින් 10 දෙනෙකුට අධික සංඛ්‍යාවක් සිටින බවයි වාර්තා වන්නෙ.