කොවිඩ් වසංගතය හේතුවෙන් මෙවර නිවෙස්වල සිට වෙසක් මංගල්‍යය සමරන බෞද්ධ බැතිමතුන් වෙනුවෙන් බතික් අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟලුම් රාජ්‍ය අමාත්‍යංශය විසින් බතික් කූඩු නිර්මාණය කිරීමට කටයුතු කර තිබෙනවා.
ඒ අනුව එම වැඩසටහන් මාලාව සංකේතවත් කරමින් බතික් අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟලුම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා විසින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පළමු “බතික් වෙසක් කූඩුව” පිළිගැන්වීම පසු ගිය (21) දින අරලියගහ මන්දිරයේ දී සිදුවුණා.
නිවෙස්වල සිට වෙසක් සමරන බැතිමතුන් සඳහා රූපවාහිනිය සහ සමාජ මාධ්‍ය තුළින් වෙසක් නිර්මාණයන්හි දෘශ්‍ය පෙළහර විඳීමට ඉඩ සැළැස්වීම බතික් වෙසක් දෘශ්‍ය පූජාවේ අරමුණ බවයි දයාසිරි ජයසේකර මහතා සඳහන් කරන්නේ.