රාජධානිය සටන මහා ක්‍රිකට් තරඟය 5 වෙනි වරටත් මෙවර පැවැත්වෙනවා.
එක් තරඟයක් අනුරාධපුර මධ්‍ය විද්‍යාලයෙන් ජයගෙන ඇති අතර අනෙක් තරඟ සියල්ල අවසන් වී තිබෙන්නේ ජය පරාජයෙන් තොරවයි.
මෙවර පොළොන්නරුව රාජකීය විද්‍යාල කණ්ඩායමට ඉසුරු රණ්දෙනිය නායකත්වය ලබාදෙන අතර කවිඳු ගිහාන් අනුරාධපුර මධ්‍ය විද්‍යාලයට නායකත්වය ලබා දෙනවා.
තරඟය එළැඹෙන 9,10 සහ 11 යන තෙදින රංගිරි දඹුල්ල ජාත්‍යන්ත්ර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.
රාජධානි සටන තුන්දින තරඟයක් ලෙස පැවැත්වෙන පළමු අවස්ථාව මෙය වනවා.