කුකුළු මස් සහ බිත්තර පරිභෝජනයේදී හොඳින් පිස ගැනීමට කටයුතු කරන ලෙසත් අමු හෝ අඩුවෙන් පිසින ලද කුකුළු නිෂ්පාදන පරිභෝජනයෙන් වළකින ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය ජනතාවට දැනුම් දිමක් කර තිබෙනවා.
ඉන්දියාවේ මෑතකාලීනව ව්‍යාප්ත වු කුරුළු උණ (H9) පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යංශයේ අවධානය යොමුවීමත් සමග සෞඛ්‍ය අමාත්‍යංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් මෙම දැනුවත් කිරීම සිදුකර තිබෙනවා.
මේ වනවිට වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස් විද්‍යා දෙපාර්තමේන්තුව H5 සහ H7 ප්‍රභේද හඳුනාගැනීමට සහ H9 ඉන්ෆ්ලුවෙන්සා ප්‍රභේදයද හඳුනා ගැනීමට අවශ්‍ය PCR පරීක්ෂණ පහසුකම් ස්ථාපිත කර ඇති බව වාර්තා වනවා.
පක්ෂීන් අතරින් පැතිරෙන රෝගී තත්ත්වයක් වන කුරුළු උණ ඇතැම් අවස්ථාවලදී මිනිසුන්ට වැළදිය හැකි නිසා ඒ පිළිබඳ සැලකිලිමත්වන ලෙසත් කුරුල්ලන් සහ උන්ගේ මළ අපද්‍රව්‍ය සමඟ ගැටීමෙන් වළකින ලෙසත් සෞඛ්‍ය අමාත්‍යංශය දැනුම් දෙනු ලැබුවා.