අනුරාධපුර, පාදෙණිය ප්‍රධාන මාර්ගයේ මොරගොඩදී ලොරි රථයක් සහ ප්‍රයිමුවර් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ කොළඹ සිට යාපනය දෙසට ටයිල් ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයක් සහ බියගම සිට අනුරාධපුර දෙසට බියර් ප්‍රවාහනය කරමින් තිබූ රථ දෙකකි.
ටයිල් ප්‍රවාහනය කළ ලොරි රථය මාර්ගය අසල නවතා තිබියදී පසුපසින් පැමිණි ප්‍රයිමුවර් රථය නවතා තිබූ ලොරියේ පසුපස ගැටීමෙන් අනතුර සිදුව තිබෙනවා.
අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති අතර පොලීසිය සැක පලකරන්නේ රියදුරුට නින්ද යාම හේතුවෙන් අනතුර සිදුවන්නට ඇති බවටයි.






