27 C
Colombo
Friday, April 19, 2024

2019ට කලින් QR නැතුව, සලාක නැතුව තෙල් ගැහුවා – මරික්කාර්

- Advertisement -

මහින්දානන්ද, රෝහිත, ජොන්ස්ටන් වැනි පුද්ගලයන් සිටින ආණ්ඩුවක කැබිනට් මණ්ඩලයට එක්වීමට පොහොට්ටුවට විරුද්ධ සිටි කිසිවෙකුට හෝ හෘද සාක්ෂියට එකඟව සිදුකළ නොහැකි අතර වරින් වර හදිසි නීතිය බලාත්මක කරමින් මර්දනයට සහය දිය නොහැකි බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් පවසනවා.

ඒ, අද (08) විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවේදීයි.

සර්ව පාක්ෂික වැඩපිළිවෙලක් සකස් කර එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් නතුරුව එය රටට හොද නම් සහය දිය හැකි බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.

”මේ දවස් වල අන්තර් ජලයේ යනවා QR කෝඩ් එක නිසා පෝලිම් අඩුවුණා, ඇමති කාංචන හොඳ වැඩක් කළේ කියල. මොන ලැජ්ජා නැති කතාවක්ද මේ. 2019 නොවැම්බර් 16ට කලින් අපිට හිතුන ඕන වෙලාවක ෂෙඩ් එකට ගියා විනාඩි පහක්වත් පෝලිමේ ඉන්නේ නැතුව ෆුල් ටෑන්ක් ගහගෙන ගියේ. දැන් මොකක්ද QR කෝඩ් එක ගෙනල්ලා කරන්නේ. ලීටර් 20යි හම්බෙන්නේ වාහනයකට. ත්‍රීවිල් රැකියාව කරන මහත්තුරු නන්නත්තාර වෙලා තියෙන්නේ. මම ඒක හොඳටම දන්නවා. කොළඹ අගනගරයේ ත්‍රීවිල් වලින් හම්බකරලා ආදායම් අරගෙන දරුවන්ට උගන්නන,කන බොන ඔක්කොම කරන අයට ලීටර 05 ක් විතර හම්බෙලා මොනවා කරන්නද. ඒ නිසා QR කෝඩ් එකෙන් කාංචන හොඳ වැඩක් කළේ කියන අය අමු ගොබ්බයො කියලයි මට කියන්න තියෙන්නේ.”

මේ අතර තරුණ තරුණියන්ගේ මතයන් මර්දනය කර දේශපාලනය කිරීමට නාමල් රාජපක්ෂ සිතන්නේ නම් ඔහුට කීමට ඇත්තේ ”අබ සරණයි” යන්න පමණක් බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කරනවා.

RECENT ARTICLES - SINHALA

පාලිත තෙවරප්පෙරුමගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද

අභාවප්‍රාප්ත හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (19) සිදුකිරීමට නියමිතව තිබෙනවා. අද පස්වරු 2ට මතුගම යටදොලවත්ත ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී...

තරුණ තරුණියන්ට ජනපතිගෙන් පොරොන්දුවක්

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. නුවරඑළිය දිස්ත්‍රික්කයේ යොවුන්...

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක්

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙළිවී ඇති බව කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසනවා. කොළඹ මහ...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...