දරුවන් භාවිතා කරමින් දුම්රිය, බස්රථ අදී පොදු ස්ථානවලදී මෙන්ම නගරබද මාර්ග තදබදයන්හිදී කූඨ ලෙස යාචක ව්‍යාපාරයක නිරතවන පිරිස්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පසුබට නොවන බව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පවසනවා.
ඒ, ‘සියල්ලටම පෙර දරුවන්’ 2021 ලෝක ළමා දින සැමරුම් ජාතික වැඩසටහනට සමගාමීව ජාතික ළමාරක්ෂක අධිකාරි පරිශ්‍රයේදී (5) පවැත්වූ වැඩසටහනකට සහභාගී වෙමින්.
වීදි දරුවන් සම්බන්ධව කටයුතු කිරීමට අධිකරණ අමාත්‍යාංශය සමඟ එක්ව ඒකාබද්ධ වැඩපිළිවෙලක් සකසන බවත් පොලිසියේද සහය ලබා ගනිමින් ඉතා කෙටි කාලයක් තුළ මුළු දිවයිනම ආවරණය වන පරිදි එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවත් එහිදී ඒ මහතා පවසා සිටියා.
ලෝක ළමා දින වැඩසටහන් මාලාවේ එක් වැඩසටහනක් ලෙස පැවති මෙම උත්සවයේදී ළමා අපයෝජනය පිළිබඳව ජාතික දත්ත පද්ධතියක් එළිදැක්වීම, NCPA website (mobile friendly) ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ නව තාක්ෂණික ක්‍රමවේද වලට අනුව සකස් කරන ලද වෙබ් අඩවිය ඉංග්‍රීසි මාධ්‍යයෙන් එළි දැක්වීමත් සිදුවිය.
බාහිරෙන් හඳුනාගත නොහැකි ආබාධ සහිත ළමයින් හදුනා ගැනීම පිළිබඳ මාර්ගෝපදේශන ග්‍රන්ථය එළි දැක්වීම, Child fund and the Payment gateway, සාර පැය – සිද්ධි අධ්‍යයන සංග්‍රහය මාර්ගෝපදේශන මාලාව එළිදැක්වීම, සාර පැය – සිද්ධි අධ්‍යයන මනෝ සමාජයීය මාර්ගගත සහතික පත්‍ර වැඩසටහන එළිදැක්වීම හා ළමා ආරක්ෂාව පිළිබඳව වීඩියෝ ක්‍රීඩා එළි දැක්වීම, යන ආදී වැඩසටහන් රැසක් අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා සහ අමාත්‍යංශ ලේකම් කුමාරි ජයසේකර මහත්මිය, ළමා ආරක්ෂණ අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විධානපතිරන මහතා ඇතුළු පිරිසක් සහභාගී වූ අතර ජාතික ළමා ආරක්ෂණ අධිකාරි පරිශ්‍රයේදී නිරෝධායන නීති වලට අනුකූලව මෙම කටයුතු සිදු කර ඇති බවයි පැවසෙන්නේ.