33 C
Colombo
Friday, March 29, 2024

කොවිඩ් රෝගීන් සඳහා චීන අගනුවර තාවකාලික රෝහල් තැනේ

- Advertisement -

කොවිඩ් වසංගතයේ නව ව්‍යාප්තියට මුහුණදීම සඳහා චීනයේ අගනුවර වන බීජිංහි තාවකාලික රෝහල් ඉදිකිරීමට සූදානම් කර තිබේ.

මේවන විට, බීජිං හි රෝහල්වල කොවිඩ් ආසාදනය වූ අය සඳහා ඇඳන් 4,000 ක් පමණ වෙන් කර ඇති අතර, අවශ්‍ය වුවහොත් තවත් ස්ථාන, විශාල පරිමාණයේ තාවකාලික රෝහල් බවට පරිවර්තනය කරන බව බීජිං නාගරික සෞඛ්‍ය කොමිෂන් සභාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ලී අන් පැවසීය.

නවතම වර්ගීකරණයන් මගින් බීජිං හි සමස්ත අධි අවදානම් ප්‍රදේශ සංඛ්‍යාව 6 දක්වා සහ මධ්‍යම අවදානම් ප්‍රදේශ 23 දක්වා ගෙන ගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

Xinhua පුවත් සේවය වාර්තා කර සිටියේ, අප්‍රේල් 22 සිට දිස්ත්‍රික්ක 13 ක දේශීය ආසාදිතයින් 295 ක් වාර්තා වී ඇති බවයි.

වසර දෙකකට පසු යළි මතුව ඇති චීනයේ දරුණුතම කොවිඩ් ව්‍යාප්තිය සම්බන්ධයෙන් බලධාරීන් කෙරෙහි මහජන අවිශ්වාසය සහ රජය කෙරෙහි කෝපය මතු කර ඇති අතර බීජිං හි අත්‍යවශ්‍ය නොවන ක්‍රියාකාරකම් සහ ව්‍යාපාර වසා දැමීමෙන් පසුව ජනතාව භාණ්ඩ රැස්කිරීම ආරම්භ කර ඇති බවද වාර්තා වේ.

RECENT ARTICLES - SINHALA

විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද වෙනුවට අලුත් බද්දක්

දේශිය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කරන බවත් දේශිය ගොවීන් සහ...

500ක අල්ලසක් ගත් සැරයන් වසර 4ක් හිරේ

රුපියල් 500 ක අල්ලස් මුදලක් ලබා ගත් පොලිස් සැරයන්වරයෙකුට වසර හතරක සිර දඬුවමක් නියම කර ඇති බවට පුවතක් වාර්තා වෙනවා. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන...

අපි විදේශ ගිවිසුම් වලට විරුද්ධ නෑ – විමල්ගේ පක්යෙන් අමුතු එළියක් (වීඩියෝ)

ජාතික නිදහස් පෙරමුණ විදේශ රටවල් සමඟ ඇති කරගන්නා ගිවිසුම් කිසිවකට විරුද්ධ නොවන බව එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා පවසනවා. අන්තර්ජාල නාලිකාවක්...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...