චීනයේ පාසල් සහ වෙනත් අධ්‍යාපන ආයතනවල චීන හැර වෙනත් භාෂාවලින් ඉගැන්වීම අධෛර්යමත් කිරීමට එරට බලධාරීන් කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.
ඒ අනුව චීන භාෂාවෙන් පමණක් ඉගැන්වීම් සිදුකරන රජයේ පාසල්වෙත ළමුන් යොමුකිරීම දිරිමත් කිරීමට කටයුතු කෙරෙමින් ඇතැයි එරට වාර්තා සදහන් කරයි.
පසුගියදා චීනය පෞද්ගලික පන්ති පැවැත්වීම සදහා ද තහනමක් පනවනු ලැබූ අතර එහි අරමුණ එරට පෞද්ගලික පන්ති ක්ෂේත්‍රයේ 68% වන ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය අඩපණ කිරීම බව විචාරකයන්ගේ මතය වී තිබේ.
මේ අතර සිචුවාන් ප්‍රාන්තයේ ටිබෙට් ජාතිකයන් වෙසෙන ප්‍රදේශයක පවත්වාගෙන ගිය පාසලක ද ටිබෙට් භාෂාව වෙනුවට චීන භාෂාව භාවිතා කරන ලෙස බලධාරීන් නියෝග කොට ඇති බව රේඩියෝ ෆ්‍රී ඒෂියා සේවය වාර්තා කරයි.
එම නියෝගය පිළි නොපදින්නේ නම් අදාළ පාසල වසා දමන බවට ද බලධාරීන් තර්ජනය කර ඇති බව එම වාර්තාවේ වැඩිදුරටත් සදහන් වේ.