27.8 C
Colombo
Monday, June 16, 2025

පොලිසියට පහරදීමේ සිද්ධිය: අත්අඩංගුවට ගත් 5දෙනා රිමාන්ඩ්

- Advertisement -

බේරුවල ධීවර වරාය ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන්ට පහරදුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 05 දෙනා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

සැකකරුවන් අද (10) සවස කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කළුතර මහේස්ත්‍රාත් අධිකරණයේ අතිරේක මහේස්ත්‍රාත්වරයා තීරණය කර තිබුණේ සැකකරුවන් පස්දෙනාම දින 14ක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට යි.

බේරුවල ධීවර වරාය ආසන්නයේදී ඊයේ (09) රාත්‍රියේ පොලීසිය සහ බෞද්ධ කොඩි එල්ලමින් සිටි පිරිසක් අතර ගැටුමක් ඇතිවී තිබුණා.

ඒ එහිදී ඇතිවූ කතාබහක් දුරදිග යාමෙන් පසු පිරිස පොලීසියට පහරදුන් බව කියන සිද්ධියක් හේතුවෙන්.

පසුව තත්ත්වය පාලනය කිරීමට පොලීසිය අහසට වෙඩිතබා තිබූ බවද වාර්තා වුණා.

පිරිසක් ලොරි රථයක නැග බෞද්ධ කොඩි එල්ලමින් සිට ඇති අතර,  මාර්ගය අවහිර නොකරන ලෙසට පොලීසිය ඔවුන්ට උපදෙස් දීමෙන් පසු මෙම සිද්ධිය ඇතිවී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

තවත් පුංචි ආණ්ඩු තුනක බලය මාලිමාවට

තවත් මහ නගර සභාවක සහ ප්‍රාදේශීය සභා දෙකක බලය පිහිටුවීමට ජාතික ජන බලවේගය අද (16) සමත්වුණා. ඒ අනුව රත්නපුර මහ නගර සභාවේ බලය ජාතික ජන...

කොළඹ නාගරික මන්ත්‍රීවරියකට එරෙහිව විරෝධතාවයක්

0
කොළඹ නගර සභාවේ නාගරික මන්ත්‍රී දීපා එදිරිසිංහ මහත්මියට විරෝධය පලකරමින් මේ වන විට කොළඹ නගර සභාව ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්වෙනවා.  ETI තැන්පත්කරුවන් සුරැකීමේ සංගමය විසින් සංවිධානය...

IMF වැඩසටහන ගැන අනුරගේ බලාපොරොත්තුව

ශ්‍රී ලංකාව මේ වන විට අනුගතව ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එවන් වැඩසටහනකට යන අවසාන අවස්ථාව බවට...

POPULAR ARTICLES

තවත් පුංචි ආණ්ඩු තුනක බලය මාලිමාවට

තවත් මහ නගර සභාවක සහ ප්‍රාදේශීය සභා දෙකක බලය පිහිටුවීමට ජාතික ජන බලවේගය අද (16) සමත්වුණා. ඒ අනුව රත්නපුර මහ නගර සභාවේ බලය ජාතික ජන...

Breaking: කොළඹ නගරාධිපති මෙන්න

කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිවරිය ලෙස ව්‍රායි කැලී බල්තසාර් මීට සුළු මොහොතකට පෙර තේරී පත් වුණා. ජාතික ජන බලවේගය නියෝජනය කරමින් ඉදිරිපත් වූ ව්‍රායි කැලී...