26.7 C
Colombo
Sunday, July 20, 2025

ඉදිරියට ආ පැතුම්

- Advertisement -

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් ප්‍රකාශයට පත්කළ නවතම ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගතකිරීමහි ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක 17වන ස්ථානයට පැමිණ තිබෙනවා.

ඔහු 31වන ස්ථානයේ සිට ස්ථාන 14ක් ඉදිරියට පැමිණ මෙම ස්ථානයේ රැඳී සිටිනවා.

මෙලෙස ඔහු ඉදිරියට පැමිණ ඇත්තේ බංග්ලාදේශයට එරෙහි ටෙස්ට් තරගාවලියේ දැක් වූ සුවිශේෂී දක්ෂතා හේතුවෙන්.

එහිදී ඔහු පළමු තරගයේදී ලකුණු 187ක් හා දෙවන තරගයේදී ලකුණු 158ක් ලෙස තරග දෙකේදීම ශතක රැස්කළා.

ඒ හේතුවෙන් තරගාවලියේ වීරයා ලෙසද ඔහු සම්මාන දිනාගත්තා.

එංගලන්තයේ ජෝ රූට් මෙහි පෙරමුණේ පසුවන අතර, එංගලන්තයේම හැරී බෘෘක් 2වන ස්ථානයේ පසුවනවා.

කේන් විලියම්සන්ට තෙවන ස්ථානය හිමිව තිබෙනවා.

මෙම ශ්‍රේණිගතකිරීමේ ඉදිරියෙන්ම සිටින ශ්‍රී ලංකා පිතිකරුවා කමිඳු මෙන්ඩිස් වන අතර, ඔහු 9වන ස්ථානයේ රැඳී සිටිනවා.

ඉන් අනතුරුව දිනේෂ් චන්දිමාල් ද ස්ථාන 2කින් ඉදිරියට පැමිණ 13වන හිමිකරගෙන ඇත.

මේ අතර ඉන්දියාවේ ජස්ප්‍රිත් බුම්රා ටෙස්ට් පන්දු යවන්නන් අතර පෙරමුණ හිමිකරගෙන සිටින අතර, එහි ඉදිරියෙන්ම සිටින ශ්‍රී ලංකා පන්දු යවන්නා වූ ප්‍රබාත් ජයසූරිය රැඳී සිටින්නේ 14වන ස්ථානයේය.

නව ශ්‍රේණිගතකිරීමට අනුව ඔස්ට්‍රේලියාව ලොව අංක එකේ ටෙස්ට් කණ්ඩායම වන අතර, දකුණු අප්‍රිකාවට එහි දෙවන ස්ථානයත්, එංගලන්තයට තෙවන ස්ථානය හා ඉන්දිදියා සිව්වන ස්ථානය හිමිව තිබෙනවා.

එමෙන්ම නවසීලන්තය 5වන ස්ථානය හිමිකරගන්දී, ශ්‍රී ලංකාවට 6වන ස්ථානය හිමිව තිබුණා.

ශ්‍රී ලංකාවට පසුපසින් පාකිස්තානය (7), බ.ඉ. කොදෙව් (8) හා බංග්ලාදේශය (9) පසුවනවා.

RECENT ARTICLES - SINHALA

ලෝක ටෙස්ට් ශූරතාවේ අවසන් තරඟ තුනක සත්කාරක රට මෙන්න

ලෝක ටෙස්ට් ශූරතාවේ එළැඹෙන අදියර (2027) ඇතුළුව 2029 සහ 2031 වර්ෂන්හි පැවැත්වෙන අවසන් මහා තරග සඳහා ද සත්කාරක රට ලෙස එංගලන්තය නම්කර තිබෙනවා. 2027 අදියරේ...

කොල්ලුපිටියේ සමාජ ශාලාවක දී වෙඩිතැබීමට ගත් උත්සහයක් ව්‍යර්ථ වෙයි

කොල්ලු‍පිටිය ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවක් තුළදී පාතාල කල්ලි සාමාජිකයෙකු ඉලක්ක කර වෙඩි තැබීම සඳහා පැමිණි වෙඩික්කරුවන් දෙදෙනෙකුට එම රාත්‍රී සමාජ ශාලාවේ ආරක්ෂකයින් පහර දී...

හොර පාස්පෝට් එකකින් රට පනින්න ගිය අයෙක් අත්අඩංගුවට

ව්‍යාජ ලෙස සකස් කළ බ්‍රිතාන්‍ය ගුවන් ගමන් බලපත්‍රයක් උපයෝගී කරගනිමින් ජපානය, තුර්කිය හරහා යුරෝපය වෙත යාමට උත්සහ කළ ඉරාන ජාතිකයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී...

POPULAR ARTICLES