27.8 C
Colombo
Thursday, April 25, 2024

භානුක බොර්න් අගේන් වූ බවට පිළිගනී – බොර්න් අගේන් නිසා බලපෑම් වූ තවත් පිරිසක් ගැන හෙළිවෙයි

- Advertisement -

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක භානුක රාජපක්ෂ උපතින් බෞද්ධ ආගමිකයෙක් වුවත් 2015 වසරේ සිට බොර්න් අගේන් ආගමට පරිවර්ථනය වී ඇති බව වාර්තා වනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් විමර්ෂණයක් පැවැත්වීමට පත් කළ පංච පුද්ගල විශේෂ පරීක්ෂණ කමිටුවේ සිය වාර්තාවේ මේ බව පෙන්වා දී ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී බොර්න් අගේන් ආගම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ඉදිරියේ දී බලපෑම් සිදුවීමට ඉඩ ඇති බව නිරීක්ෂණ වන බවද ඔවුන් එම වාර්තාවේ පෙන්වා දී තිබෙනවා.

මෙම බලපෑමෙන් ඇතැම් ක්‍රීඩකයන්ගේ අනාගතයට අනතුරක් වේ යැයි බිය මත ඊට අදාළව සාක්ෂි දීමෙන් වැළකී සිට ඇති බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් සහ නිලධාරීන් අතර බොර්න් අගේන් ආගම වැළඳගත් පුද්ගලයන් සිට තිබෙනවා.

ඉන් බොර්න් අගේන් ආගම ප්‍රචාරය කරන පොපර්ට් ජෙරම් ප්‍රනාන්දු නම් අය විසින් තම අනුගාමිකයන් වැඩි කරගැනීමට විවිධකාරයෙන් උපක්‍රම යොදන බවට ද අනාවරණය වී ඇති බව වාර්තා වනවා.

මේ වාර්තාවේ කණ්ඩායමට එම ආගම හේතුවෙන් සිදුව ඇති බලපෑම පිළිබඳ සඳහන් කොටසේ පුද්ගලයන් අට දෙනෙක් ගැන සඳහන්ව තිබෙනවා.

භානුක රාජපක්ෂ, ජෙෆ්රි වැන්ඩසේ, සධීර සමරවික්‍රම යන ක්‍රීඩකයන්, ඈෂ්ලි ද සිල්වා සහ ජෙරම් ජයරත්න යන ක්‍රිකට් පරිපාලකයන්, ක්‍රිකට් විස්තර විචාරක රෝෂාන් අබේසිංහ, පුහුණුකරු රුවන් කල්පගේ, විනිසුරු ලින්ඩන් හැනිබල් යන පිරිසගේ නම් මෙලෙස සඳහන් වනවා.

RECENT ARTICLES - SINHALA

හොර ඒජන්සිවලට වැඩවරදියි

විදේශ රැකියා ලබාදෙන බව පවසමින් නීති විරෝධී ලෙස මුදල් එක් කරන පුද්ගලයින් තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස කම්කරු සහ විදේශ රැකියා...

ඉරාන සහ ලංකාව අතර ගිවිසුම් 05ක්

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තබා තිබෙනවා. මෙම අවබෝධතා ගිවිසුම් මගින් දෙරට අතර චිත්‍රපට කර්මාන්තය,...

රිලා ගහනය අඩු කරන්න පේරෙන් ලුපයක්

රිළා ගහනය අවම කිරීමේ පර්යේෂණ ප්‍රතිඵලයක් ලෙස රිළවියක ගේ ගර්භාෂයේ ලූපයක් තැන්පත් කිරීම අද (24) පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ දී සාර්ථකව සිදු කරනු...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...