බිබිල – ලුණුගල මාර්ගයට අද (19) සවස 5.00 ට පමණ කිලෝමීටර් 32 කනුව අසල දී දැවැන්ත ගලක් සමඟ පස් කන්දක් කඩා වැටී එම මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී තිබෙන බව බිබිල පොලීසිය පවසනවා.
පවතින අධික වර්ෂාව සමග මෙම ස්ථානයට පස්කන්ද සමඟ ගල්පර්වතයේ කඩා වැටී තිබෙනවා.
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් මාර්ගය පිලිසකර කිරීම අපහසු වී තිබෙන බවත් කාලගුණය යහපත් වනතෙක් විකල්ප මාර්ග භාවිතා කරන ලෙසත් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.
මේ වන විට විකල්ප මාර්ග ඔස්සේ වාහන ධාවනය කරවීමට ලුණුගල පොලීසිය සහ බිබිල පොලීසිය කටයුතු කරමින් පවතින බවයි වාර්තා වන්නේ.