26 C
Colombo
Wednesday, January 22, 2025

එන්නත් ගේන්න ලංසු කැඳවයි

- Advertisement -

ටෙනෙක්ටිප්ලේස් එන්නත් මිලිග්‍රෑම් 40න් වයල් 9,000ක් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය පිරිනැමීමට කැබිනට්  අනුමැතිය හිමි වුණා.

හෘදයාබාධ ඇති වූ පුද්ගලයින් මරණයට පත්වීම වලක්වා ගැනීම පිණිස භාවිත කරනු ලබන ටෙනෙක්ටිප්ලේස් එන්නත් මිලිග්‍රෑම් 40න් වයල් 9,000 ක් මිල දී ගැනීම පිණිස ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවා තිබෙන අතර ඒ සඳහා ලංසු 3 ක් ඉදිරිපත් වී තිබෙනවා.

ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත පදනම්ව ප්‍රතිචාර දක්වන ලද අවම ලංසුකරු වන M/s ABC Pharma Services (Pvt) Ltd. වෙත අදාළ ප්‍රසම්පාදනය පිරිනැමීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබුවා.

මේ අතර මෙරපනම් එන්නත් ග්‍රෑම් 1න් වයල් 900,000ක් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනයත් පිරිනැමීමට කැබිනට්  අනුමැතිය හිමි වී තිබෙනවා.

උග්‍ර බැක්ටීරියා ආසාදන සඳහා ප්‍රතිකාර කිරීමට භාවිත කරනු ලබන මෙරපනම්  එන්නත් ග්‍රෑම් 1න් වයල් 900,000ක් සපයා ගැනීම් සඳහා ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවා තිබුණු අතර ඒ සඳහා ලංසු 05ක් ලැබී තිබෙනවා.

ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත පදනම්ව ප්‍රතිචාර දක්වන ලද අවම ලංසුකරු වන පාකිස්ථානයේ M/s Genix Pharma (Pvt) Ltd. වෙත එකී ප්‍රසම්පාදනය පිරිනැමීම සඳහා අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබුවා.

RECENT ARTICLES - SINHALA

Breaking: අනුර ප්‍රියදර්ශන යාපා අත්අඩංගුවට

හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග මහතා පවසනවා. 2014 වසරේදී රුපියල් මිලියන 6.1ක...

අම්බලන්තොට වෙඩි තැබීමක්

අම්බලන්තොට කොග්ගල්ල ප්‍රදේශයේ අද (22) පස්වරුවේ වෙඩිතැබීමක් සිදුව තිබෙනවා. මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසයෙන් කළ විමසීමකදී පවසා සිටියේ, මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩිතැබීම...

ජනපති හා මුදල් අමාත්‍යාංශ නිළධාරීන් අතර හමුවක්

රටේ සෑම ජන කොටසක්ම ආර්ථික ක්‍රියාවලියට සහභාගි කර  ගැනීමේ අරමුණින් මෙවර අයවැය සකස් කරන බව,  ජනාධිපති අනුර කුමාර  දිසානායක  මහතා  ප්‍රකාශ කළා. ඒ 2025 අයවැය...

POPULAR ARTICLES