27 C
Colombo
Saturday, May 24, 2025

රජයේ සුපිරි වාහන 27ක් විකුණන්න ලංසු කැඳවයි

- Advertisement -

ජනාධිපති ලේකම් කාර්යාලයෙන් අධි සුඛෝපභෝගී සහ ඉවත් කරන ලද වාහන 27ක් විකිණීම සඳහා ලංසු තැබීමේ දෙවැනි අදියර ආරම්භ වී තිබෙනවා.

1991 සහ 2016 අතර කාලය තුළ නිෂ්පාදනය කරන ලද මෙම වාහනවලට ඉහල කාර්යක්ෂමතාවෙන් යුතු මාදිලි රැසක් ඇතුළත් වන අතර, එම වාහන අතරට  BMW මෝටර් රථ දෙකක්, Ford Everest SUV වර්ගයේ රථ දෙකක්, Hyundai Terracan SUV රථයක්, Land Rover SUV රථ දෙකක්, Mitsubishi Montero රථයක්, Nissan පෙට්‍රල් මෝටර් රථ තුනක්, S Nissan පෙට්‍රල් මෝටර් රථ දෙකක්, Casyang වර්ගයේ මෝටර් රථ දෙකක්, Rexton SUVs, Land Cruiser Sahara SUV රථයක්, V08 ‍රථ හයක් සහ Mitsubishi Rosa වායුසමනය කළ බස් රථයක් ඇතුළත් වෙනවා.

මේ සඳහා ටෙන්ඩර් ලියකියවිලි මැයි 14 දක්වා ජනාධිපති ලේකම් කාර්යාල ගොඩනැගිල්ලේ දෙවැනි මහලේ පිහිටි මුල්‍ය අංශයෙන් රාජකාරි දිනවල පෙරවරු 9.00 සිට පස්වරු 3.00 දක්වා ලබාගත හැකියි.

මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පුද්ගලයන්ට එදින දක්වා ජාවත්ත පාරේ අංක 93 සළුසල පරිශ්‍රයේ තිබෙන වාහන පරීක්ෂා කිරීමටද හැකියාව පවතිනවා.

මෙම වෙන්දේසි වැඩසටහනේ පළමු අදියර සාර්ථකව සිදුකර ඇති අතර එහිදී සුඛෝපභෝගී වාහන 14ක්, ඉවත් කරන ලද වාහන 6ක් සහ විවිධ අමතර කොටස් අලෙවි කර තිබුණා.

එම අදියරට ඩිෆෙන්ඩර් ජීප් රථ 9ක් ඇතුළු වාහන 15ක් වෙන්දේසි කිරීම ඇතුළත් වුණා.

රාජ්‍ය වියදම් අඩුකිරීම සහ මූල්‍ය විනය සහතික කිරීමේ අරමුණින් රජය මෙම වාහන වෙන්දේසිය සිදුකරනව.

RECENT ARTICLES - SINHALA

අද වැසි වැටෙන ප්‍රදේශ

බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (24) දිනයේ විටින් විට වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව පළාතෙත් අම්පාර සහ...

බස් රථයක් පෙරළී අනතුරක්: 21ක් රෝහලේ

නුවරඑළිය - මහනුවර මාර්ගයේ ටොප්පාස් ප්‍රදේශයේදී නුවරඑළිය දෙස සිට මහනුවර දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරලී ගොස් ඊයේ (23) රාත්‍රියේ...

තීරුබදු ගැන සාකච්ඡා කරන්න නියෝජිත පිරිසක් වොෂින්ටනයට

එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාලය (USTR) විසින් කරන ලද ආරාධනයකට අනුව, තීරුබදුවලට අදාළ කරුණු පිළිබඳ අවධානය යොමු කරමින්, වොෂින්ටන් ඩී.සී.හි පැවැත්වෙන සාකච්ඡා සඳහා ශ්‍රී...

POPULAR ARTICLES

අද වැසි වැටෙන ප්‍රදේශ

බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (24) දිනයේ විටින් විට වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව පළාතෙත් අම්පාර සහ...

බස් රථයක් පෙරළී අනතුරක්: 21ක් රෝහලේ

නුවරඑළිය - මහනුවර මාර්ගයේ ටොප්පාස් ප්‍රදේශයේදී නුවරඑළිය දෙස සිට මහනුවර දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරලී ගොස් ඊයේ (23) රාත්‍රියේ...

නිළි රැජිණ මාලනී ෆොන්සේකා දිවි සැරිය නිම කරයි

‘ශ්‍රී ලාංකේය සිනමාවේ නිළි රැජින’ ලෙස කිරුළු පැළඳූ ජ්‍යේෂ්ඨ රංගන ශිල්පිනී මාලනී ෆොන්සේකා මහත්මිය අද (24)  අලුයම අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යනවිට ඇය 78වන වියෙහි...