27 C
Colombo
Sunday, December 3, 2023

ඉම්රාන් අතරමං කරමින් පක්ෂ තුනක්ම හැරයයි

- Advertisement -

පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන්ට එරෙහි විශ්වාසභංගයට පෙර පාලක ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂ තුනක් විපක්ෂ සන්ධානයට එක්වීමට තීරණය කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.

ආණ්ඩුවේ ප්‍රධාන හවුල්කරුවන් තිදෙනෙකු වන පාකිස්තාන මුට්ටාහිඩා කූමි (Muttahida Quumi Movement Pakistan), පාකිස්තාන මුස්ලිම් ලීගය (Pakistan Muslim League-Quaid) සහ බලුකිස්තාන අවාමි පක්ෂය (Balochistan Awami Party) මෙසේ විපක්ෂය සමග එක්වීමට තීරණය කර තිබේ.

ඉම්රාන් ඛාන් ධූරයෙන් නෙරපා හැරීමේ ව්‍යාපාරය සදහා තමන් විපක්‍ෂය සමග එක්වන බව නුදුරේදීම ඔවුන් විසින් ප්‍රකාශ කරනු ඇතැයි ආරංචි මාර්ග පවසයි.

ඉම්රාන් ඛාන්ගේ පක්ෂය අභ්‍යන්තර කැරැල්ලකට ද මුහුණ දී සිටින අතර ජාතික සභාවේ මන්ත්‍රීවුන් කිහිප දෙනෙක් පසුගියදා පාලක ටෙහ්රීක්-ඉ-ඉන්සාෆ් පක්ෂය හැර ගොස් දැනටමත් විපක්ෂය සමග එක්වී සිටිති.

මීට පෙර ද මන්ත්‍රීවු 24 ක් පමණ විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දෙන බව ප්‍රකාශ කරමින් ඉම්රාන් ඛාන්ගේ නායකත්වයෙන් යුත් පාකිස්ථාන ටෙහ්රීක්-ඉ-ඉන්සාෆ් ආන්ඩුවෙන් ඉවත් වූහ.

RECENT ARTICLES - SINHALA

පිලිපීනයේ භූ කම්පනයෙන් සුනාමි අවදානමක්

පිලිපීනයේ මින්දනාඕ ප්‍රදේශයේ රික්ටර් මාපකයේ 7.6ක ප්‍රබලත්වයකින් යුත් භූකම්පනයක් හට ගෙන තිබෙනවා. පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසන්නේ දකුණු පිලිපීනයට මෙන්ම ඉන්දුනීසියාව, පලාව් සහ මැලේසියාවේ...

වැඩි කළ විශ්‍රාම වැටුප ලැබෙන දිනය ගැන දැනුම් දීමක්

විශ්‍රාමික ජනතාවගේ සුබසාධනය සහ වැටුප් විෂමතා විසඳීම කෙරෙහි රජයේ විශේෂ අවධානය යොමුවී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. දැරණියගල නගරයේ පැවති උත්සවයකට...

ගාසා තීරය ගැන ඇමෙරිකාවෙන් ප්‍රකාශයක්

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර යළි සටන් විරාමයක් ප්‍රකාශයට පත්කිරීම සඳහා අවශ්‍ය සහාය ලබාදෙන බව, අමෙරිකානු ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් මහතා පවසනවා. ඔහු ප්‍රකාශ කර...

POPULAR ARTICLES

සජබ මන්ත්‍රීවරයෙක් පක්ෂයෙන් දොට්ට

දිගින් දිගටම ආණ්ඩුවට පක්ෂව කටයුතු කිරීම හේතුවෙන් සමඟි ජන බලවේගයේ පස්සර සංවිධායක ධුරයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේශ්ව වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට සමගි...

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල එන දිනය මෙන්න

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල දින දෙක තුනක් ඇතුළත නිකුත් කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. ඔහු මේ බව කියා සිටියේ, කොළඹ පැවති උත්සවයකින්...

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වනවිට නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන  https://www.doenets.lk  සහ www.results.exams.gov.lk වෙත පිවිස ප්‍රතිඵල ලබා...