24 C
Colombo
Monday, December 11, 2023

අමාත්‍යාංශ පවත්වාගෙන යන්න කෝටි ගණන් කුළී ගෙවනවා – කබ්රාල්

- Advertisement -

ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ පවත්වාගෙන යන රාජ්‍ය අමාත්‍යයාංශ තුනක් සහ ඇමැති කාර්යාල දෙකක් වෙනුවෙන් මාසික කුලිය ලෙස රුපියල් එක්කෝටි හැත්තෑ අට ලක්ෂ දහ නවදහස් හයසිය අසූ පහක් (රු.17,819,685) ගෙවන බව මුදල් රාජ්‍ය ඇමැති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පෙරේදා (25) පාර්ලිමේන්තුවේදී පවසා සිටියා.

සංචාරක ඇමැතිවරයාගේ කාර්යාලය සඳහා රුපියල් දහ නව ලක්ෂ තිස්දහස් අටසිය අටක් (රු.1,930,808) , බතික්, අත් යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය ඇමැතිවරයාගේ කාර්යාලයට රුපියල් දාහත් ලක්ෂ හැට හතරදහස් හත්සිය විස්සක් (රු. 1,764,720) මාසිකව ගෙවන බව ඇමැතිවරයා සඳහන් කළේය.

ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය සඳහා රුපියල් තිස් අට ලක්ෂ පනස් එක් දහස් හයසිය තිස් එකක් (රු. 3,851,631), වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය සඳහා රුපියල් හැත්තෑ දෙලක්ෂ විසි දෙදහස් හයසිය හැට හතරක් (රු. 7,222,668) සහ ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය වෙනුවෙන් රුපියල් තිස් ලක්ෂ හතළිස් නව දහස් අටසිය හැට දෙකක් (රු.3,049,862) මාසිකව ගෙවන බවද අජිත් නිවාඩ් කබ්රාල් මහතා පාර්ලිමේන්තුවේදී සදහන් කළා.

පෞද්ගලික ගොඩනැගිලිවල පවත්වාගෙන යන අමාත්‍යාංශ රජයේ ගොඩනැගිලි වෙත ගෙන යාම සඳහා වන කාර්යාල සංකීර්ණයක් නාගරික සංවර්ධන අධිකාරිය යටතේ ඉදිකිරීමට කටයුතු සිදුකරමින් පවතින බවද ඔහු මෙහිදී සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

AI තාක්ෂණයට ඉතිහාසයේ වැඩිම මුදල අයවැයෙන් වෙන් කළා- ජනාධිපති රනිල්

කෘත්‍රීම බුද්ධිය හෙවත් AI තාක්ෂණය මෙරටට ගෙන ඒමට සහ විද්‍යාත්මක හා තාක්ෂණ පර්යේෂණ කටයුතු ඉදිරියට ගෙන යාම වෙනුවෙන් මෙරට ඉතිහාසයේ වෙන් කළ වැඩිම මුදල...

වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත යළි හෙට පාර්ලිමේන්තුවට

පාර්ලිමේන්තුවට අද (10) දින ඉදිරිපත් කර සම්මත කිරීමට නියමිතව තිබූ වැට් බදු පනත් සංශෝධන පනත් කෙටුම්පත යලි හෙට (11) දිනයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත...

පෙට්‍රල් සහ ඩීසල් වලටත් බඳු ගහනවා-රංජිත් සියඹලාපිටිය

පෙට්‍රල් සහ ඩීසල් සඳහා ද VAT නොහොත් එකතු කළ අගය මත බද්ද අය කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. ඔහු මේ බව...

POPULAR ARTICLES

රට පුරා විදුලිය විසන්ධි වෙයි

මේ වන විට ලංකාව පුරා හදිසි විදුලිය බිඳ වැටීමක් සිදුව ඇති බව විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්න මහතා  පවසනවා. පද්ධතියේ ඇතිවී තිබෙන දෝෂයක්...

අර්ජුනගෙන් අලුත් සන්ධානයක්

දූෂිතයින්ගෙන් සහ වංචාකාරීන්ගෙන් තොර නව සන්ධානයක් බිහි කරන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රිකට් නායකයෙකු වන අර්ජුන රණතුංග පවසනවා. ඔහු මේ බව කියා සිටියේ, අස්ගිරි...

රාජ්‍ය සේවකයින්ට විශේෂ අත්තිකාරම් මුදලක්

ලබන වසර සඳහා රාජ්‍ය නිලධාරීන්ට විශේෂ අත්තිකාරම් මුදලක් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ, ඒ අනුව රුපියල් 4,000ක...