24 C
Colombo
Sunday, October 1, 2023

පොහොරවලිනුත් බිලියනයක් ගසා කාලා

- Advertisement -

රජය වී ගොවීන්ට ලබා දෙන යූරියා, MOV, TSD පොහොර සඳහා පොහොර ලේකම් කාර්යාලය විසින් රසායනික වාර්තා ව්‍යාජ ලෙස සකස් කර රුපියල් බිලියනයකට අධික මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය ඊයේ (03) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළා.

පසුගිය 2018, 2019 වර්ෂයන් තුළ පොහොර ලේකම් කාර්යාලය විසින් ආනයනය කරන ලද පොහොර සදහා ව්‍යාජ රසායනික වාර්තා හා කූට ලේඛන සකස් කල බව කියන අක්‍රමිකතාව පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය විසින් මෙම විමර්ශනය ආරම්භ කර තිබෙනවා.

මහවැලි කෘෂිකර්ම වාරි මාර්ග ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුමේධ පෙරේරා මහතා මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කර තිබේ.

ඒ අනුව පොහොර ලේකම් කාර්යාලයේ නිලධාරීන් කිහිපදෙනකුගේම වැඩ තහනම් කර ඇති බව ද වාර්තා වේ.

මෙතෙක් සිදු කරන ලද විමර්ශන වල දි මේ සම්බන්ධයෙන් අමාත්‍යාංශයේ හිටපු ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුමේධ පෙරේරා, පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජයසූරිය ආරච්චිගේ අමිත් රොෂාන්, කෘෂිකර්ම අමාත්‍යාංශයේ නීති නිලධාරී ලොකුනාරංගොඩගේ ගයාන් හෙක්ටර් යන අයගෙන් ප්‍රකාශ සටහන් කර ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කියා සිටියා.

ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ මෙම සිදුවීමේදි දණ්ඩ නීති සංග්‍රහයේ 386, 388, 389, 391, 398, 399, 402, 454 යන වගන්ති ප්‍රකාරව වරදවල් සිදු වි ඇති බවට සිදු කරන ලද මූලික විමර්ශන වලදී අනාවරණය වූ බවයි.

කරුණු සලකා බැලූ අධිකරණය සියලු විමර්ශන සිදු කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නියෝග කළා.

RECENT ARTICLES - SINHALA

අපේම සල්ලි අපිටම දීලා

අමෙරිකානු ඩොලර් මිලියන 250ක ස්වෛරී බැඳුම්කර ණය මුදල ආපසු ගෙවීම පැහැර හැරීම හේතුවෙන් ශ්‍රී ලංකාවට එරෙහිව අමෙරිකානු අධිකරණයක් හමුවේ නඩු පැවැරූ හැමිල්ටන් රිසර්ච් බැංකුවට...

ත්‍රිකුණාමලයේ රෝහලක ගින්නක්

රෝහලක ඖෂධ ගබඩාවේ ගින්නක් හට ගෙන තිබෙන බව වාර්තා වෙනවා. අදාළ ගින්න හටගෙන ඇත්තේ ත්‍රිකුණාමලය, තඹලගමුව ප්‍රදේශයෙන් බවයි අනාවරණය වන්නේ. පොලිසිය සඳහන් කළේ මේ වනවිට ගින්න...

හිමිනමක් ඝාතනය කරලා

පොතුහැර ළිහිණිගිරිය පොත්ගුල් විහාරස්ථානයේ විසූ 64 හැවිරිදි බැවිලිගමුවේ සුජාත හිමි 29 වනදා රාත්‍රියේ පිහියකින් ඇන ඝාතනය කර ඇති බව පොතුහැර පොලීසිය පවසනවා. සුජාත හිමියන්ට අයත්...

POPULAR ARTICLES

ඉන්දියාව තුළ ආන්දෝලනයක් වූ විවාහය

උතුරු පන්ජාබ් ප්‍රාන්තයේ සමලිංගික යුවලකගේ විවාහ මංගලය්‍යක් හේතුවෙන් ඉන්දියාව තුළ විශාල ආන්දෝලනයක් හට ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය පවසන්නේ, සමලිංගික විවාහ නීතිගත කිරීම පිළිබඳ ඉන්දීය ශේෂ්ඨාධිකරණය...

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට නියෝගයක්

ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ පුරප්පාඩු 4,718 ක් පිරවීමට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශය ගත් පියවර වහා ක්‍රියාත්මක කරන්නැයි, ශ්‍රේෂ්ඨාධිකරණය අද(27) නියෝග කර තිබෙනවා ඒ අදාළ බඳවා ගැනිම්වලට...

චීනය නිසා එකතු වූ මහින්ද,මෛත්‍රී,ගෝඨා

මහජන චීන සමූහාණ්ඩුවේ 74 වන ජාතික දින උත්සවය ඊයේ (28) කොළඹ ෂැන්ග්‍රීලා හෝටලයේදී පැවැත්වුණා. මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු...