29 C
Colombo
Friday, March 29, 2024

බිට්කොයින් නීතිගත කිරීමට එරෙහිව එල්සැල්වදෝරයේ ජනතාව දහස් ගණනින් වීදි බසියි

- Advertisement -

‘බිට්කොයින්’ නීත්‍යානුකූල මුදල් ඒකකයක් ලෙස හඳුන්වා දීමෙන් කෝපයට පත් එල්සැල්වදෝරයේ ජනතාව දහස් ගණනක් වීදි බැස ඇතැයි වාර්තා වනවා.

ජනාධිපති නයිබ් බුකලේ පවස ඇත්තේ විදේශයන්හි සේවය කරන සැල්වදෝරන්වරුන්ට මුදල් ආපසු රටවෙත එවීමට මෙම අදිසි මුදල් ඒකකය ව්‍යවහාරයේ පැවතීම උපකාරී වනු ඇති බවයි.

නමුත් දුප්පත් ලතින් ඇමරිකානු රටක් වන එල්සැල්වදෝරය මෙමඟින් තවත් අස්ථාවරත්වයට පත්වනු ඇති බවත් මෙමගින් උද්ධමනයක් ඇති වනු බවත් විරෝධතාකරුවන් පවසා තිබෙනවා.

ඇතැම් තැනක විරෝධතාකරුවන් නවතම බිට්කොයින් යන්ත්‍රයකට ගිනි තැබූ අතර තවත් සමහරු “බුකලේ ඒකාධිපති” යනුවෙන් සඳහන් පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතා පැවැත්වූ බව සඳහන් වනවා.

පසුගිය සතියේ එල් සැල්වදෝරය මෙම අදිසි මුදල් ඒකකය නීත්‍යානුකූල කළ පළමු රට බවට පත්විය.

‘බිට්කොයින්’ යනු ව්‍යවහාරයේ තිබෙන මුදල් වෙනුවට භාවිතයට ආ ඩිජිටල් මුදල් ඒකකයකි.

එහි අරමුණ වන්නේ සියලු දෙනාට නිදහසේ භාවිතා කළ හැකි ඉලෙක්ට්‍රොනික මුදල් ඒකකයක් භාවිතයට ගැනීමයි.

මෙහි ඇති පහසුව නම් එක් රටක සිට තවත් රටකට මුදල් යැවීමේදී වන ප්‍රමාදය මඟහැර ඉතාමත් අඩුම කාලයකින් මුදල් හුවමාරුවට ඇති හැකියාවයි.

කෙසේ වෙතත් එය භෞතිකව නෝට්ටු හෝ කාසි ලෙස නොව අන්තර්ජාලය හරහා පවතින දෙයක් බැවින් මුදල් වංචාකිරීම් සහ හොරකම් කිරීම් සිදුවිය හැකි බවට බොහෝ දෙනෙක් චෝදනා කරනවා.

RECENT ARTICLES - SINHALA

හොඳම වෙලාව බලලා බලවත්ම සන්ධානය එලියට දානවා-රවී කරුණානායක

සුදුසුම වෙලාවේ බලවත්ම සන්ධානය එලියට දමන බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා. මේ වන විට හතු පිපෙනවා...

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල තනතුරු කිහිපයක් සඳහා විශේෂ දිරි දීමනාවක්

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත මාණ්ඩලික නිලධාරී තනතුරු කිහිපයක් සඳහා විශේෂ මාසික දිරි දීමනාවක් ගෙවීමට රජය විසින් තීරණය කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන, අමාත්‍යාංශය සඳහන් කළේ ඒ,...

වතුපාසල් සඳහා ගුරු සහායක පත්වීම් 2,535ක්

ඉදිරි සති කිහිපය ඇතුළත වතු පාසල් සඳහා ගුරු සහායකින් 2,535ක් සඳහා අයදුම්පත් කැඳවීමට අදාළ ගැසට් නිවේදනය පළ කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...