32 C
Colombo
Tuesday, February 18, 2025

කළු ජනවාරි සැමරුම හෙට

- Advertisement -

මර්දනයට ලක් වූ මාධ්‍යවේදීන්ට යුක්තිය ඉල්ලා සිටීම වෙනුවෙන් මෙවර කළු ජනවාරි සැමරුම හෙට (30) සවස 5.30ට කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවැත්වීමට මාධ්‍ය සේවක වෘත්තිය සමිති සම්මේලනය කටයුතු සූදානම් කර තිබෙනවා.

ප්‍රජාතන්ත්‍රවාදය, සමාජ සාධාරණත්වය හා දූෂණය අතින් අඳුරු කාලසීමාවන් පසු කරමින් ඉදිරියට ආ ශ්‍රී ලංකාව වත්මනෙහි අත්පත් කරගෙන සිටින යුග පරිවර්තනය උදා කර ගැනීම වෙනුවෙන් ඝාතනයට ලක් වූ, පැහැරගැනීමට ලක් වූ, අතුරුදන් වූ සහ අනෙකුත් ආකාරවල පීඩාවන්ට ලක් වූ මාධ්‍යවේදීන් සිහිපත් කරන්නේ ජනවාරි මාසයේදීයි.

වධහිංසාවට ලක් වූ මාධ්‍යවේදීන්ට යුක්තිය උදා කරගැනීම උදෙසා වන මෙම ඓතිහාසික සැමරුමට සහභාගී වන මෙන් මාධ්‍ය සේවක වෘත්තිය සමිති සම්මේලනය සියලුම මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටිනවා.

2004 සිට 2014 දක්වා ඝාතනය වූ හෝ අතුරුදන් කළ මාධ්‍යවේදීන් 13 කගේ නම් පහතින්,

අයියාතුරේ ජී. නඬේසන් – 2004. 05. 31

කන්දසාමි අයියර් බාලනඩරාජ් – 2004 අගෝ. 16

ධර්මරත්නම් සිවරාම් – 2005 අප්‍රේල් 28

රේලන්ගී සෙල්වරාජා -2005 අගෝස්තු 12

සුබ‍්‍රමනියම් සුගීර්දරාජන් – 2006 ජනවාරි 24

සම්පත් ලක්මාල් ද සිල්වා – 2006 ජූලි 02

සුබ‍්‍රමනියම් රාමචන්ද්‍රන් – 2007 පෙබරවාරි 15 (අතුරුදහන්)

සුභාෂ් චන්ද්‍රබෝස් – 2007 අප්‍රේල් 16 – වව්නියාව

සෙල්වරාසා රජීව්වර්මන් – 2007 අප්‍රේල් 29

සහදේවන් නිලක්‍ෂන් – 2007 අගෝ. 01

පරණිරූපසිංහම් දේවකුමාර් – 2008 මැයි 28

ලසන්ත වික‍්‍රමතුංග – 2009 ජනවාරි 08

ප‍්‍රගීත් එක්නැලිගොඩ – 2010 ජනවාරි 24 – (අතුරුදහන්)

බරපතල ප‍්‍රහාර/පැහැරගැනීම්වලට ලක්වූ මාධ්‍යවේදීන්

ලාල් හේමන්ත මාවලගේ – ප‍්‍රහාර – 2007. 01. 26

ටී.එම්.ජී චන්ද්‍රසේකර – පහරදීම – 2007. 12. 27

රධිකා දේවකුමාර් – වෙඩි තැබීම – 2008. 03. 07

කීත් නොයාර් – පැහැර ගැනීම හා ප‍්‍රහාර -2008 මැයි

නාමල් පෙරේරා – ප‍්‍රහාර – 2008. 06. 30

උපාලි තෙන්නකෝන් – ප‍්‍රහාර – 2009. 01. 23

නඬේසපිල්ලේ විද්‍යාදරන් – පැහැර ගැනීම- 2009.2.26

පෝද්දල ජයන්ත – පැහැර ගැනීම හා ප‍්‍රහාර – 2009. 06. 01

ඥාණසුන්දරම් කුගනාදන් – ප‍්‍රහාර – 2011 ජූලි 29

ක්‍රිෂ්ණි ඉෆාම් – පැහැර ගැනීම  – 2009. 06. 24

මන්දනා ස්මයිල්ට තර්ජනය කරමින් ලිපි ගොනු සෙවීම – 2013. 08. 24

ප‍්‍රහාරවලට ලක් වූ මාධ්‍ය ආයතන

සුඩර්ඔලි පුවත්පත – 2005. 08. 29, 2005. 09. 29 අත්බෝම්බ දමා ගැසීම

උදයන් පුවත්පත – 2006. 05. 02, 2013. 03. 13 ඇතුලූ බරපතල ප‍්‍රහාර කිහිපයක්

සිරස මැදිරි සංකීර්ණ විනාශ කිරීම – 2009 ජනවාරි 8

සියත ප‍්‍රහාරය – 2011 ජූලි 30

ඊ නිවුස් ගිනිතැබීම – 2011. 01. 11 සහ තවත් හිරිහැර කිරීම්

එලෙස අතීතයේදී ඇදවැටුණු මාධ්‍යවේදීන් සිහිපත් කිරීමට මෙන්ම වත්මනෙහි රාජකාරියේ යෙදී සිටින මාධ්‍යවේදීන්ට ගිවිසුම්, වැටුප් සහ අනෙකුත් වෘත්තිය අයිතිවාසිකම් ලබාගැනීමට මෙන්ම ප්‍රකාශන නිදහසට බාධා කරන නීතිරීති ඇතුළු බාධා ඉවත් කරගැනීමද කළු ජනවාරි සැමරුම මඟින් අපේක්ෂේ කෙරෙනවා. 

RECENT ARTICLES - SINHALA

හිටපු ඇමති ප්‍රියංකරට අධිචෝදනා

හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා බාරදී තිබෙනවා. ඔහු සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ රුපියල් 494000/- ක...

කෙහෙළියට එරෙහි නඩුවක සාක්ෂි විභාගය පටන් අරන්

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති හින්කෙන්ද යන මහත්වරුන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුව අද...

එකඟෙයි හවුලට අභ්‍යන්තර අර්බුද බාධාවක් වෙලා

සමගි ජනබලවේගය පක්ෂය තුළ පවතින අභ්‍යන්තර අර්බුද හේතුවෙන් එක්සත් ජාතික පක්ෂය සමඟ පැවැත්වෙන සාකච්ඡාවලට බාධා එල්ල වී තිබෙනවා. එළැඹෙන මැතිවරණවලදී එක්ව තරග කිරීම සඳහා එක්සත්...

POPULAR ARTICLES