අහංගම, කබලාන ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයේදී BMW වර්ගයේ ජීප් රථයක් දුම්රියක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
අද (12) දහවල් මෙම අනතුර සිදුව ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේ ජීප් රථය තුළ 06 දෙනෙකු ගමන් කර ඇති බව වාර්තා වෙනවා.
ඉන් සිව්දෙනෙකු තුවාල ලබා ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
පොලීසිය පවසන්නේ, තුවාලකරුවන් කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් අහංගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.