28.4 C
Colombo
Friday, April 26, 2024

බිලියන 1.5ක චීන ණය පාවිච්චි කරන්න බැරි රට රවටන ණයක්.! – අගමැති

- Advertisement -

2022 මැයි මාසය තුළ දී ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම්වල සුළු වර්ධනයක් නවතම වාර්තා අනුව දක්නට ලැබේ.

ඒ අනුව නිල සංචිත වත්කම් ප්‍රමාණය ඩොලර් මිලියන 1,812 සිට ඩොලර් මිලියන 1,920 දක්වා 6.0% කින් වර්ධනය වී තිබේ.

මහ බැංකුවේ නිල සංචිත වත්කම් සමන්විත වන්නේ සංරචකයන් 5 කිනි.

එනම්,

1. විදේශ මුදල් සංචිත
2. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සංචිත මට්ටම
3. විශේෂ ගැනුම් හිමිකම්
4. රත්‍රං
5. අනෙකුත් සංචිත වත්කම්

පසුගිය මැයි මාසය තුළ දී නිල සංචිත වත්කම් ඉහළ යාමේ දී ඒ සඳහා වැඩිම දායකත්වයක් ලැබී ඇත්තේ විදේශ මුදල් සංචිතය ඉහළ යාම තුළිනි. එහිදී විදෙස් මුදල් සංචිතය ඩොලර් මිලියන 1,602 සිට ඩොලර් මිලියන 1,805 ක් දක්වා 12.75% කින් වැඩි වී ඇත.

කෙසේ වෙතත් මැයි මාසය තුළ දී විශේෂ ගැනුම් හිමිකම් (SDR) ප්‍රමාණය ඩොලර් මිලියන 115 සිට ඩොලර් මිලියන 21 ක් දක්වා 81.6% කින් පහළ ගොස් ඇති අතර මහ බැංකුවේ රන් සංචිතය ද ඩොලර් මිලියන 29 සිට ඩොලර් මිලියන 28 ක් දක්වා 3.1% ක අඩුවීමක් වාර්තා කර තිබේ.

මේ වන විට ඩොලර් මිලියන 1,805 ක විදෙස් මුදල් සංචිතයක් මහ බැංකුව සතුව තිබේ. කෙසේ වෙතත් ඒ තුළ ඩොලර් මිලියන 1.5කට සමාන වූ චීන මහජන බැංකුවෙන් ලද විදේශ විනිමය හුවමාරු පහසුකමෙහි ලැබීම් අන්තර්ගත වන බවත්, එය භාවිතා කිරීමේ දී කොන්දේසිවලට යටත් වීමට සිදුව ඇති බවත් මහ බැංකුව පවසා සිටී.

පසුගිය මැයි 11 වන දින පැවති මාධ්‍ය හමුවක දී මාධ්‍ය විසින් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගෙන් විමසා සිටි අතර ඔහු එහිදී අනාවරණය කළේ මෙම මුදල දැනට කිසිවකට හෝ භාවිතා කළ නොහැකි බවයි.

ප්‍රශ්නය – මහ බැංකුවේ නිල සංචිත වත්කම්වල පෙන්වන චීන මහජන බැංකුවෙන් ලබා ගත් ඩොලර් බිලියන 1.5 කට සමාන විනිමය හුවමාරු පහසුකම භාවිත කරන්න පුළුවන් මොනවාටද ?

මහ බැංකු අධිපතිවරයාගේ පිළිතුර – මොනවාටවත් පාවිච්චි කරන්න බැහැ, දැනට. අපි ඒගොල්ලන්ගෙන් ඉල්ලා සිටිනවා සාකච්ඡාවක් මේක රිලැක්ස් කරන්න කියලා, පාවිච්චි කරන්න පුළුවන් ආකාරයට. අපි ඉල්ලීමක් කරලත් තියෙනවා. අපි ඒ ගැන තවදුරටත් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා, ඒ මුදල අඩුම ගානේ චීනෙන් ඉම්පොර්ට් කරන ඒවාටවත් පාවිච්චි කරන්න පුළුවන් විදියට. ඒකත් එකක් අපි සාකච්ඡා කර ගෙන යනවා. උත්සාහ කරනවා ඒ සම්බන්ධයෙන් ඒ කොන්දේසිය වෙනස් කරලා අපිට පාවිච්චි කරන්න පුළුවන් විදියට හදාගන්න.

මේ අතර ඊයේ (07) දින පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම චීන මුදල් සම්බන්ධයෙන් ද අදහස් දැක්වීය.

“මීට ටික කලකට පෙර චීන මහජන සමූහාණ්ඩුවෙන් SWAP පහසුකම් යටතේ අපි ණය මුදලක් ලබා ගත්තා. ඒ ණය මුදල සම්බන්ධයෙන් කොන්දේසියක් තිබුණා. ඒ මුදල් අපට පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ මාස තුනකට සරිලන විදේශ සංචිත අපේ රටට තියෙනවා නම් පමණයි. ණය මුදල ලබා ගන්න කොට අපිට මාස තුනක විදේශ විනිමය සංචිත තිබුණේ නෑ. එහෙම තියෙද්දි අපේ අදාළ නිලධාරීන් රට රැවටීමේ ණයක් ලබා ගත්තා. අර කොන්දේසිය අනුව ඒ ණය අපට මුදා හැරෙන්නේ නැහැ. ඉලක්කම් විතරයි දැන් අපි ඒ කොන්දේසිය ඉවත් කිරීම සඳහා සලකා බලන මෙන් චීන රජයෙන් ඉල්ලීමක් කර තියෙනවා.“

RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිරිසේනගේ මැයි රැලිය ගම්පහ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කරන්න ඕන-බන්දුල ගුණවර්ධන

ගොඩ ගැසී ඇති සියලු ම රියදුරු බලපත් එළඹෙන අගෝස්තු මාසය වන විට නිකුත් කර අවසන් කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන...

මත්පැන් හිඟ බදු මුදල් ගැන තීරණයක්

2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ජුනි මස 30 වනදා වනවිට අයකර ගැනීමට කටයුතු කරන ලෙස ක්‍රම හා විධි පිළිබඳ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...