33 C
Colombo
Friday, March 29, 2024

රෝහන වීරසිංහ සහ සුනිල් ආරියරත්නගේ චෝදනාවන්ට BNS පිළිතුරු දෙයි

- Advertisement -

ජනප්‍රිය ගායක දෙපලක් වන භාතිය ජයකොඩි හා සන්තුෂ් වීරමන් යන අය තමන්ගේ නිර්මාණයක් කිසිදු අවසරයකින් තොරව වාණිජ කටුයුත්තක් සදහා යොදාගෙන ඇති බවට මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා සහ ආචාර්ය රෝහන වීරසිංහ මහතා විසින් ලිපියක් මගින් ඔස්කා සංවිධානය වෙත දැනුම්දී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් භාතිය ජයකොඩි හා සන්තුෂ් වීරමන් විසින් සිය ෆේස්බුක් පිටුවේ සටහනක් පළ කර තිබෙනවා.

එම සටහන පහළින්ල

ආදරණීය ආචාර්ය රෝහණ වීරසිංහ සර් සහ මහාචාර්ය සුනිල් ආරියරත්න සර් වෙත…

සර්, මුලින්ම කියන්න ඕන මේක රාජකාරි නිල ලිපියක් නෙවෙයි. බොහෝ කාලයක් තිස්සේ ඔබතුමන්ලා හඳුනන, යම් යම් වැඩවලදී එකට හමුවන, ඊටත් වඩා හදවතේ ගැඹුරුම තැනින් ඔබ දෙදෙනාට ගරු කරන දෙදෙනෙක් ලෙස මේ ලිපිය ලියන්න හිතුනා.

සර්, අපි දෙදෙනා මේ කේෂ්ත්‍රයට පැමිණි දා සිට, හැකි අයුරින් අපේ ගීත නිරමාණය කරගෙන, ඒවා ජනගත කර, ඉන් ලැබෙන ආශීර්වාදයෙන් පුළුවන් තරම් දුරක් බොහොම පරිස්සමට මේ ගමන මෙතෙක් දුරක් ආවා. අවුරුදු 23ක් සංගීත ක්ෂේත්‍රයේ ගෙවුණු කාලය ඉතා වගකීමෙන් පැමිණි ගමනක් බව කාරුණිකව කිවයුතුයි. සමාජ මාධ්‍ය මෙතරම් ප්‍රචලිත, සැමදෙනාම පරිශීලනය කරන යුගයක ගීතයක අයිතිය බලෙන් පැහැරගෙන එවැනි ප්‍රශ්නයක් අප හිස මත පටවගන්නට තරම් අප වගකීම් රහිත මිනිසුන් ලෙස සිතීම පුදුම සහගතය.

අප ආයතනයට තවත් පෞද්ගලික ආයතනයකින් ලබාදුන් විවිධ ගීත ආධුනිකයන් විසින් ප්‍රතිනිර්මාණය කර ගායනා කරන වැඩසටහනක් හේතුවෙන් මෙම ගැටළුව පැන නැගුණා.
සර්, මිට පෙරත් අපි ඇත්තටම මොකද උනේ කියන කාරණාව ඔබතුමන්ලාට පැහැදිලි කරලා දුන්නා. නමුත් ඔබ දෙදෙනා OSCA ආයතනයට ඉදිරිපත් කළ ලිපියක් හුවා දක්වමින් මේ දිනවල සමාජ මාධ්‍යවල අප ඔබගේ ගීතය හොරකම් කළා කියන චෝදනාව නැගෙන නිසා සහ කරුණු කාරණා සිදුවූ ආකාරය හරි ආකාරව පැහැදිලි කරදීමෙන් පසුවද, නැවතත් අප වංචාවක් කර ඇති බව සදහන් කර තිබීම පිළිබඳව අපගේ කණගාටුව ප්‍රකාශ කරන අතර, අප දැඩි ලෙස සිත් තැවුලට පත්කළ කරුණාවක් වූ බවද මෙහිදී කිව යුතුමයි. එම නිසා නැවත එම කතාවම කියන්නම්, ඉහත කී පෞද්ගලික ආයතනය මෙම ව්‍යාපෘතිය අප ආයතනයට ලබා දී පැවසුවේ තෝරාගත් ගීත කීපයක් ආධුනික ගායකයන් සමග නැවත ප්‍රති නිර්මාණය කර, රූප රචනා සිදුකර ලබාදෙන ලෙසයි. එම එක් ගීතයක් සඳහා ඔවුන් රුපියල් දෙලක්ෂ අසූදාහක මුදලක්ද අප ආයතනයට ගෙවීමට එකග වුණා. එහිදී අප කාර්යමණ්ඩලය එයින් රුපියල් හැටදහසක මුදලක් කර්තෘභාග වෙවුවෙන් වෙන් කළා. අපි අපේ කාර්යමණ්ඩලයට දැනුම් දුන්නේ, ගීතවල බුද්ධිමය දේපළ හිමිකරුවන්ට කතාකර අවශ්‍ය පිරිවැය ලබාදී, අවසරය ලබාගන්නා ලෙසයි. මෙම මුදල් අගය අප ආයතනය වෙන්කලේ මෙම කාලවකවානුවේ OSCA ආයතනය සංගීත වැඩසටහන්වල ගීත ප්‍රතිනිර්මාණය සඳහා රුපවාහිනී නාලිකා සමග රුපියල් හැටදහසක අගයක් සාකච්චා කරගෙන යන පසුබිමකයි. මාධ්‍ය ආයතන එම අගයට එකඟ නොවුවත් අප ආයතනය එම අගය ගෙවීමට තීරණය කළා. ඒ අදාල සියලුම පාර්ශවයන්ට කතෘභාග ගෙවීම් අප ආයතනය මගින් සිදුකළා.

• මෙම වැඩසටහනට තීරණය වූ ගීත අතර එක් චිත්‍රපට ගීතයක් තිබුණා. එය “ඇඩ්‍රස් නෑ” චිත්‍රපටයේ ගීතයකි. අප ආයතනය සියලුම ගීතවල හිමිකරුවන් සමග සම්බන්ධ වී කර්තෘභාග පිළිබඳව එකඟවූ අතර, “ඇඩ්‍රස් නෑ” යනු චිත්‍රපටයක් බැවින් එහි නිෂ්පාදකවරයා හා සම්බන්ධවී එම ගීතයේ අයිතිය පිලිබඳ තොරතුරු විමසුවා. එහිදී මෙම චිත්‍රපටයේ නිෂ්පාදකවරයාට මෙම ගීතයේ අයිතිය ඔහු සතුව ඇති බව සහතික වූ නිසා, අප ආයතනය ඔහුට රුපියල් හැටදහසක මුදලක් ගෙවා, මෙම ගීතය භාවිතා කීරීම සඳහා ඔහුගේ ලිඛිත අනුමැතිය සහ අවසරය ලබාගත්තා. මෙම සමස්ත ක්‍රියාදාමයම සම්බන්ද නිල ලිපිලේඛන අප ආයතනය සතු ඇති බවත්, අවශ්‍යනම් ඒවා ඔබතුමන්ට ඉදිරිපත් කල හැකි බවත් දන්වන්න කැමතියි.

• ඊට පසුවත් මේ සම්බන්වද අපට චෝදනා නැගෙනවිට, අප විමතියට පත්වූයේ ඒ නිසයි. එබැවින් මේ සිදුවීම ආරංචි වූ වහාම අප උත්සහ කළේ ඔබ හමුවීමටයි. අප ඔබගේ නිවසේ දොරකොඩටම පැමිණියත් අපව හමුනොවී, OSCA ආයතනය අප පාර්ශව දෙක සාකච්ඡාවකට ගෙන්වූ අවස්ථාවේද අප සමග සාකච්චා නොකොට අප මගහැර ඔබ කාර්යාලයෙන් පිටව ගියා. ඉන් අනතුරුව කීප වරක්ම විවිධ පාර්ශව හරහාද ඔබ හමුවීමට උත්සහ කලත් අප හට ඒ අවස්ථාවන්ද නොලැබි ගියා.

• සර්, මෙය අපටත් කණගාටුව සහ හිත් වේදනා ගෙනදෙන සිදුවීමක්. එල්ලවෙන චෝදනාවලට වඩා මේ හේතුවෙන් ඔබ දෙදෙනා සිත් තැව්ලට පත්වීම, කිසි විටෙකත් අපගේ මේ ජීවිතය තුළ අප අපේක්ෂා නොකළ සිදුවීමක්.

• එහෙත් ඔබතුමන්ලා රුපියල් ලක්ෂ දහයක මුදලක් එකවර ඉල්ලා සිටින විට, ආයතනික මට්ටමෙන් අපටද ඒ පිළිබඳව නැවත සිතා බැලිය යුතුවනවා. කෙසේ වෙතත් මෙම ගැටලුව විසදාගත යුතුවන්නේ, ඔබ පාර්ශවය සහ චිත්‍රපටි නිෂපදකවරයාගේ පාර්ශවය අතර බව ඉහත සඳහන් කළ කරුණු අනුව අපගේ දැක්මයි.

• කෙසේ වෙතත් ඔබ දෙපල කෙරෙහි ඇති ආදරය සහ ගෞරවය නිසා, රුපියල් හැටදහස (60,000) බැගින්, රුපියල් එක් ලක්ෂ විසිදහසක (120,000/=) කර්තෘභාග මුදලක් අපේ අතින් ලබාදීමට අපේක්ෂා කරන බව අප OSCA ආයතනයට ලිඛිතව දැනුම්දුන්නා. නමුත් යම් හෙයකින් ඔබ දෙපල මීට වඩා මුදලක් අපේක්ෂා කරන්නේ නම් ඉහත කී මුදලට අමතරව, ඔබ දෙපල කෙරෙහි ඇති ආදරය සහ ගෞරවය නිසා තනු නිර්මාණයට සහ පද රචනයට රුපියල් ලක්ෂ දෙක බැගින් (200,000/=), ලක්ෂ හතරක (400,000/=) මුදලක් අප ආයතනය විසින් ප්‍රදානය කිරීමටද කැමැත්ත ප්‍රකාශ කළා. ඉහත කී කරුණ අප විසින් OSCA ආයතනයට දැනුම් දුන්නේ ඔබගේ ලිපිය ලැබුණු ජනවාරි මාසය තුළමයි. අපට අද වනතුරු මෙයට පිළිතුරක් ලැබී නැහැ. මෙවැනි තත්වයක් තුළ අප ගෙවීම් පැහැර ඇති බවට නගන චෝදනා අපගේ මවිතයට සහ කණගාටුවට කාරණයක්.

• අප කවදත් නිර්මාණාත්මක අයිතීන්වලට ගරුකරන එම අයිතීන් රැකගැනීමේ කාර්යට උරදෙන දෙපලක් සහ ආයතනයක්. ඉහත කරුණු සලකා බැලු විට, ගීත ප්‍රතිනිර්මාණ කතෘභාග (reproduction royalties) නොගෙවන කාල වකවානුවක වුවද, අප ආයතනය එම ගෙවීම් කර ඇති බව ඔබට පැහැදිලිවනු ඇත.

• අවසන් වශයෙන් මෙසේ ප්‍රකාශ කිරීමට අපි කැමතියි. ඔබ දෙදෙනා වැරදි වැටහීමක් නිසා මොන චෝදනාවක් කලත්, ඔබ දෙදෙනා මේ රටේ කලාවට සිදුකළ විශිෂ්ඨ සේවය, කරපු නිර්මාණ වලට අපේ හිතේ ඇති ආදරයට පුංචි පලුද්දක්වත් කරන්න බෑ. ඔබ දෙපල අපට කර ඇති මේ චෝදනාව පිළිබඳව අපගේ බලවත් කණගාටුව ප්‍රකාශ කරන අතර , සිදුවුනදේ නැවත මතක් කළේ ඔබතුමන්ලා වැරදී යැයි කියලා චෝදනා කරන්න හෙම නෙවෙයි, සිදුවී ඇති දේ ගැන කරුණු කාරණා කෙලින්ම ඉදිරිපත් කරන්නයි.
ඒ මොනදේ උනත් අපි ඔබතුමන්ලාට හදවතින්ම ආදරෙයි… එකේ වෙනසක් නෑ.

භාතිය-සන්තුෂ්.

ආදරණීය ආචාර්ය රෝහණ වීරසිංහ සර් සහ මහාචාර්ය සුනිල් ආරියරත්න සර් වෙත… සර්, මුලින්ම කියන්න ඕන මේක රාජකාරි නිල ලිපියක්…

Posted by Bathiya and Santhush (BNS) on Wednesday, 24 February 2021

RECENT ARTICLES - SINHALA

රුසියානු – යුක්රේන යුද්යෙන් මියයන ශ්‍රී ලාංකික සෙබලුන් ගැන වාර්තාවක්

රුසියානු – යුක්රේන යුද්ධය අතරතුර ශ්‍රී ලාංකික සෙබළුන් 5 දෙනෙකු පමණ මේ වන විට මිය ගොස් ඇති බව අල්ජසීරා පුවත් සේවය වාර්තා කරනවා. එම වාර්තාවල සඳහන්...

පෝට් සිටි අධිවේගී මාර්ගය විවෘත කෙරෙන දිනය

කොළඹ ඉඟුරු කඩේ මංසන්ධියේ සිට කොළඹ වරාය නගරය දක්වා අධිවේගී මාර්ගය ලබන ජූලි මස විවෘත කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා. කිලෝමීටර් 5.3ක දිගින් යුත්...

පොහොට්ටුව යළිත් දෙදරා යන ලකුණු

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂය තුළ පොහොට්ටු පක්ෂය තුළ අභ්‍යන්තර වශයෙන් බෙදීමක් හට ගෙන ඇති බවට පුවතක් ‘ඩේලි මිරර්’ වාර්තා කරනවා. ඉදිරි ජනාධිපතිවරණය සඳහා...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...