මිද්දෙණිය තෝරකොලයාය ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කළ තරුණයින් දෙදෙනෙකුගේ සිරුරු සොයාගෙන තිබෙනවා.
එලෙස ඝාතනය වී ඇත්තේ වයස අවුරුදු 25ක් සහ 30ක් වූ තරුණයින් දෙදෙනෙක්.
ඔවුන්ගේ යතුරුපැදිද සොයාගෙන ඇති අතර මිද්දෙණිය පොලිසිය වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මකයි.
අද (25) උදෑසන මෙම වෙඩිතැබීම සිදුව ඇති බව වාර්තා වන අතර, මේ වනවිට විශේෂ පරීක්ෂණ කණ්ඩායම් තුනක් මිද්දෙණිය පොලීසිය සමග එක්ව පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
වෙඩිතැබීම කුමන හේතුවක් මත කවුරුන් විසින් සිදුකර ඇත්ද යන්න මෙතෙක් අනාවරණය වී නැහැ.