27.7 C
Colombo
Thursday, April 25, 2024

බොදුබල සේනාවත් අන්තවාදී සංවිධානයක් – ජනාධිපති කොමිසම නිගමනය කරයි

- Advertisement -

බොදු බල සේනා සංවිධානය අන්තවාදී සංවිධානයක් හැටියට පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සොයාබැලූ ජනාධිපති පරීක්ෂණ කොමිසම නිගමනය කර ඇති අතර අප්‍රේල් 21 ප්‍රහාරයට එහි ක්‍රියාකාරකම් හා මතවාද ද හේතු වී ඇතැයි වැඩිදුරටත් නිගමනය කර ඇත.

ප්‍රහාරය සිදුවීමෙන් පසු මහජන විරෝධතා කඩාකප්පල්කාරී ක්‍රියා දේපල හා පුද්ගලයන් හානි සිදුකිරීම සහ මහජන නොසන්සුන්තාවයට ඇති පිරිස් හඳුනාගෙන ඇති බව ද එහි දැක්වේ.

හඳුනාගෙන ඇති එම පුදගලයන් සහ සංවිධාන වාර්ගික හා ආගමික ක්‍රියාවන්ට හේතු වූ වාර්ගික හා ආගමික කැළඹීම් ඇතිකිරීමට තුඩු දුන් මහජන නොසන්සුන්තාවයක් ඇති කොට රට තුළ මෙවැනි ක්‍රියාවන්ට ආධාර හෝ අනුබල ලබා දුන් බවට සහ එම ක්‍රියාවන් මගින් සමාජය තුළ සාමය ස්ථාපිත කිරීමට බාධා කළ අතර සමාජ අඛණ්ඩතාව කඩාකප්පල් කරමින් වාර්ගික කැළඹීම් ද ඇති කළ බව ද වැඩිදුරටත් එහි සඳහන් වේ.

RECENT ARTICLES - SINHALA

රෝග සුව කරන මධ්‍යස්ථානයකට ගිය කාන්තාවක් හදිසියේ මිය ගිහින්

මදුරන්කුලිය පොලිස් වසමේ දේවස්ථානයක පැවති දේවමෙහෙයක් අතරතුර ඇති වූ හදිසි රෝගී තත්ත්වයකින් කාන්තාවක් ඊයේ (24) මියගොස් තිබෙනවා. පොලීසිය සඳහන් කළේ අදාළ කාන්තාව පුත්තලම රෝහල වෙත...

නිල සංචාරය නිම කරමින් ඉරාන ජනපති දිවයිනෙන් පිටව යයි

ඉරාන ජනාධිපති ආචාර්ය ඉබ්‍රාහිම් රයිසි මහතා සිය නිල සංචාරය නිම කරමින් ඔහු පැමිණි විශේෂ ගුවන් යානයෙන් ඊයේ(24) රාත්‍රියේ දිවයිනෙන් පිටව ගොස් තිබෙනවා. ඊයේ රාත්‍රියේ ශ්‍රි...

ශ්‍රී පාද උඩමළුවෙන් පහළට පැන්න තරුණයා හමුවෙලා

කාන්තාවන් දෙදෙනෙකු සමග වන්දනාවේ පැමිණ ශ්‍රී පාද උඩ මළුවෙන් පහළට පැන අතුරුදන් වූ දිනේෂ් හේමන්ත නමැති වයස අවුරුදු 33 ක සූරියවැව ප්‍රදේශයේ පදිංචි තරුණයා...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...