පාකිස්තානයේ සිදු වූ පිපිරීමකින්මේ වන විට පුද්ගලයන් 52 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.
නබි නායකතුමාගේ උපන්දිනය සැමරීම උදෙසා පැවති ආගමික උත්සවයක් අතරතුර දී මෙම පිපිරීම සිදුව තිබෙනවා.
පාකිස්තානයේ නිරිතදිග බලුකිස්තාන් පළාතේ මුස්ලිම් පල්ලියක් අසල මෙම පිපිරීම සිදුවී ඇති බවයි වාර්තා වෙන්නේ.
මෙය මරාගෙන මැරෙන ප්‍රහාරයක් බවට එරට පොලීසිය සැක පළ කර තිබෙනවා.
ප්‍රහාරය හේතුවෙන් මේ වන විට එරට හදිසි තත්ත්වයක්ද නිවේදනය කර ඇති බව වාර්තා වේ.
ප්‍රහාරයේ වගකීම තවමත් කිසිදු පාර්ශ්වයක් විසින් භාරගෙන නොමැති බවද වාර්තා වෙනවා.