25 C
Colombo
Saturday, December 9, 2023

ඇල්බේනියාවේ පාර්ලිමේන්තුවට දුම් බෝම්බ ප්‍රහාරයක්

- Advertisement -

ඇල්බේනියාවේ පාර්ලිමේන්තුවට දුම් බෝම්බ ප්‍රහාරයක් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

ඇල්බේනියාවේ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ඊයේ  (21)මෙම දුම් බෝම්බ ප්‍රහාරය එල්ල කර තිබෙනවා.

2024 වර්ෂයේ අය වැය සඳහා ඡන්දය පළ කිරීම වැළැක්වීමේ උත්සාහයක් වශයෙන් මෙම දුම් බෝම්බ ප්‍රහාරය එල්ල කර ඇති අතර ඔවුන් පාර්ලිමේන්තුව තුළ කුඩා ගිනි මැලයක්ද දැල්වීමට කටයුතු කර තිබුණා.

සභා ගර්භය මැද පුටු ගොඩ ගසා මෙලෙස ගිනි දැල්වීමට කටයුතු කිරීම හේතුවෙන්  රතු සහ කොළ පැහැති දුමින් පාර්ලිමේන්තු පරිශ්‍රය පිරී ගොස් තිබුණු බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඇල්බේනියානු අගමැති එඩී රාමා ප්‍රමුඛ, සමාජවාදී පක්ෂය පාර්ලිමේන්තුව තුළ විපක්ෂය නිහඬ කිරීමට උත්සාහ දරන බවට  1992 සිට 1997 වසර දක්වා ඇල්බේනියාවේ පළමු පශ්චාත් කොමියුනිස්ට් ජනාධිපති මෙන්ම හිටපු අගමැතිවරයෙකු වූ විපක්ෂ නායක සාලි බෙරීෂා චෝදනා නඟනවා.  

RECENT ARTICLES - SINHALA

අයිසීසීපීආර් යටතේ 44කට අධිචෝදනා ගොනු කරලා

සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත (අයිසීසීපීආර්) යටතේ 2017 වසරේ සිට අත්අඩංගුවට ගත් 219 දෙනකු අතුරෙන් 44 දෙනකුට අධිචෝදනා ගොනු කර ශ්‍රී ලංකා...

ටොන් 4000ක පාවෙන තටාකයේ ඉදිකිරීම ඇරඹේ

ශ්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන් ඉදිකරන ටොන් 4000ක පාවෙන තටාකයේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ උත්සවය ගෝවාහිදී අද (08) පැවැත්වුණා. නාවික හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ මෙම...

බදුල්ල – කොළඹ මාර්ගයේ උඩුවර ප්‍රදේශය නායයයි

බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ උඩුවර 6 කණුව ප්‍රදේශයේ මාර්ගය අද (8) පස්වරුවේ නායයාමට ලක්වීමෙන් උඩුවර 6 කනුව ප්‍රදේශයේ මාර්ගයේ රථ වාහන ධාවනය එක් මංතීරුවකට...

POPULAR ARTICLES

ලංකා විදුලිබල මණ්ඩලයෙන් විශේෂ නිවේදනයක් 

විදුලි පාරිභෝගිකයන් ලක්ෂ 50කට රතු බිල් යැවීම සම්බන්ධයෙන් පළවූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන්ව ඇත්තේ, විදුලිය පාරිභෝජනය...

පුත්තලමේ සනත් නිශාන්තගෙන් විශේෂ ප්‍රකාශයක්

තමන්ට පැනවූ පාර්ලිමේන්තු තහනම සම්බන්ධයෙන් අද (08) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පවසනවා. දින 14 කාලයක් සඳහා තමන්ට...

අද ඇමෙරිකානු ඩොලරයේ අගය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (07) නිකුත් කරන ලද මුදල් විනිමය අනුපාත වාර්තාවට අනුව ඊයේ දිනයට සාපේක්ෂව අද දින එක්සත් ජනපද ඩොලරයේ විකුණුම්...