ගෝලීය උණුසුම දිනෙන් දින ඉහළ ගොස්, ග්ලැසියර දියවී, ඉතාලියේත් ස්විට්සර්ලන්තයේත් දේශසීමාව වෙනස් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.
බලපෑමට ලක් වූ ප්‍රදේශයෙන් කොටසක් යුරෝපයේ උසම කඳු වලින් එකක්වන මැටර්හෝර්න් ආසන්නයේ පිහිටා තිබෙනවා.
ස්විට්සර්ලන්ත-ඉතාලි දේශසීමාවේ විශාල කොටස් ග්ලැසියර කඳු වැටි හෝ හිම සහිත ප්‍රදේශ මගින් තීරණයවන නමුත් ග්ලැසියර දියවීම මෙම ස්වාභාවික මායිම් මාරු වීමට හේතු වී ඇති බව සඳහන්.
මේ නිසා දේශසීමා නිවැරදි කිරීමට රටවල් දෙකටම සිදු වී තිබෙනවා.
ඉතාලි සහ ස්විට්සර්ලන්ත බලධාරීන් එක් වී දේශසීමාව නිර්ණය කිරීමට නියමිත බවත් ඒ වෙනුවෙන් ස්විට්සර්ලන්තය- ඉතාලි කොමිසමක්ද පිහිටුවා තිබෙන බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරනවා.