29 C
Colombo
Saturday, January 18, 2025

නව නිපැයුම් කොමිසම‍ට පත් වුණ ලොක්කෝ

- Advertisement -

ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ කොමසාරිස් සහ සහකාර කොමසාරිස්වරුන් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

1979 අංක 53 දරන ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන් දිරිගැන්වීමේ පනතේ 4(1) වගන්තිය අනුව ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම, අමාත්‍යවරයාගේ නිර්දේශය මත අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරනු ලබන කොමසාරිස්වරයෙකුගෙන් සහ සහකාර කොමසාරිස්වරුන් දෙදෙනෙකුගෙන් සමන්විත විය යුතුයි.

මේ වන විට ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ සියලුම සාමාජිකයින් ඉල්ලා අස් වී ඇති අතර, පුරප්පාඩු සඳහා කොමසාරිස්වරයෙකු සහ සහකාර කොමසාරිස්වරුන් දෙදෙනෙකු පත් කළ යුතුව තිබෙනවා.

ඒ අනුව, ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ කොමසාරිස්වරයා ලෙස මහාචාර්ය වෙරන්ජ කරුණාරත්න මහතා පත් කිරීමටත්, එම කොමිසමේ සහකාර කොමසාරිස්වරුන් ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ආර්.එම්. ජී. රාජපක්ෂ මහතා සහ වෛද්‍ය එන්.ආර්.එස්. ආරියරත්න මහතා පත් කිරීමටත් විද්‍යා හා තාක්ෂණ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාක්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙන බවයි පැවසෙන්නේ.

RECENT ARTICLES - SINHALA

ඊ – ටිකට් ජාවාරමට දුම්රිය සේවකයෙක්ගේ වැඩ තහනම්

දුම්රිය ඊ ප්‍රවේශපත්‍ර ජාවාරමට සම්බන්ධ යයි චෝදනා එල්ල වී සිටින මාකුඹුර දුම්රිය ස්ථානයේ සේවයේ නිරතව සිටි දුම්රිය සේවකයෙකුගේ සේවය අත්හිටුවීමට පියවර ගත් බව දුම්රිය...

සඟවා තිබූ ජීප් රථයක් හා වාහන චැසි දෙකක් සොයා ගැනේ

කූඨ ලේඛණ සකස් කර භාවිත කළ තවත් ජීප් රථයක් හා වාහන චැසි දෙකක් මාතලේදී අත්අඩංගුවට ගැනුණා. දින කිහිපයකට පෙර මාතලේ ප්‍රදේශයේදී ජීප් රථ කිහිපයක් සමග...

දේශපාලන සිරකරුවන් දැන්වත් නිදහස් කළ යුතුයි

පැරැණි ප්‍රශස්ති පසෙක තබා දෙමළ දේශපාලන සිරකරුවන්ව වත්මන් ආණ්ඩුව නිදහස් කළ යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මනෝ ගනේෂන් මහතා පවසනවා. දේශපාලන සිරකරුවන් යැයි...

POPULAR ARTICLES