33 C
Colombo
Tuesday, April 16, 2024

පස්වරක් ලෝක ශූරතාව දිනූ බ්‍රසීලය පිලිමලුන් පිටුදැකීමේ වටයට

- Advertisement -

තරගය නිමා වීමට මිනිත්තු 7ක් ඉතිරිව තිබියදී කැසමීරෝගේ විශිෂ්ඨ පා පහරින් ගිලිහුණු පන්දුව ස්විට්සර්ලන්ත දැල ආක්‍රමණය කරද්දී පස්වරක් ලෝක ශූරයින් වූ බ්‍රසීලයට මෙවර තරගාවලියේදීත් සුපිරි 16 දෙනාගේ වටයේ ඉඩ වෙන් කර දුන්නා.

කැසමීරෝ පන්දුව දැල වෙත යොමු කළ පහර කොතරම් විශිෂ්ට දැයි කිවහොත් ස්විස් දැල් රකින්නා වූ Yann Sommer ට හැකි වූයේ ඒ දෙස බලන්නට පමණයි.

පැයක් තිස්සේ නැවතී තිබුණු ලකුණු පුවරුව ක්‍රියාත්මක කරමින් Vinicius Jr ලබා ගත් ගෝලය ඕෆ් සයිඩ් බව ප්‍රතිරූපන නැරඹීමෙන් අනතුරව විනිසුරු දැනුම් දුන්නේ බ්‍රසීල ප්‍රීති ඝෝෂා ක්ෂණයකින් අවසන් කරමින්.

කණ්ඩායම් දෙකම එක ලකුණ බැගින් බෙදා ගනිමින් තරගය අවසන් කර ගත හැකි වෙතැයි සිතා සිටි ස්විස් ප්‍රේක්ෂකයන් සසල කල කැසමීරෝ 974 ක්‍රීඩාංගනයට රැස්ව සිටි බ්‍රසීල ක්‍රීඩාලෝලීන්ට කලකට අමතක නොවන ආශ්වාදයක් විඳ ගැනීමට ඉඩ සලසා දුන්නා.

RECENT ARTICLES - SINHALA

ලිස්සන ගසක් කඩා වැටී 4ක් රෝහලේ

ගම්පොළ, ගම්පලවෙල, රජඇළගම ප්‍රදේශයේ ඊයේ (15) පැවැති අවුරුදු උත්සවයක ග්‍රීස් ගස කඩාවැටීමෙන් සිවු දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසනවා. මෙම අවුරුදු උත්සවයට අවට ගම්වාසීන් ඇතුළු...

වැටුප් ගැටලුව ගැන මම හොයලා බලන්නම් – රනිල්

වතු සේවකයින්ගේ දෛනික වැටුප සම්බන්ධයෙන් තමා සොයා බලන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අද (16) පෙරවරුවේ නුවරඑළිය උඩුපුස්සැල්ලාව වැවිලි සමාගමට අයත් කෝට් ලොජ් වතු...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (16) දිනයේ ශ්‍රී ලංකා රුපියල, සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබෙනවා. ඒ අනුව, අද දිනයේ...

POPULAR ARTICLES

‘ඔකපතන’ විදුහලට වැඩ වරදියි

අවුරුදු ගීතයක් විකෘති කර, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය කිරීම පිළිබඳව සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ උපදෙස් මත...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

ප්‍රතිප්‍රහාර එපා, ඉරානය යළිත් අනතුරු අඟවයි

මැද පෙරදිග යුද ගැටුම් තවදුරටත් තීව්‍ර කරමින් ඉරානය විසින් ඊයේ (13) රාත්‍රියේදී ඊශ්‍රායලය වෙත ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර මාලාවක් දියත් කර තිබුණා. මේ අතර මෙම...