පාන් රුපියල් 30 කින් ඉහළට

අද (19) මධ්‍යම රාත්‍රියේ සිට පාන් රාත්තලක මිල රුපියල් 30 කින් ඉහළ දමන බව සමස්ත ලංකා බේකරි නිෂ්පාදකයන්ගේ සංගමය පවසනවා. එමෙන්ම අනෙකුත් බේකරි නිෂ්පාදන මිල රුපියල් 10 කින් ඉහළ දමන බවයි එම සංගමයේ සභාපති කේ.එන්.ජයවර්ධන මහතා පවසන්නේ.