Update : කඩා වැටුණු බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටරයේ සිටි හමුදා සාමාජිකයින් 6දෙනෙකු මිය ගොස් තිබෙන බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.
මාදුරු ඔය ජලාශයට කඩා වැටුණු බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටරයේ සිටි හමුදා සාමාජිකයින් 5 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
අදාළ හෙලිකොප්ටර් යානය මාදුරුඔය ජලාශයට කඩාවැටීමෙන් අනතුරුව එහි ගමන්ගත් සියලුදෙනා බේරාගෙන රෝහල්ගත කර තිබුණා.
එහිදී ගුවන් හමුදා හෙලිකොප්ටර් භටයින් දෙදෙනෙකු සහ හමුදා විශේෂ බළකායේ භටයින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
බේරාගත් අය අතර ගුවන් නියමුවන් දෙදෙනාද සිටින බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කැප්ටන් එරන්ද ගීගනගේ මහතා සඳහන් කළා.
අද උදෑසන විසිරයෑමේ පෙළපාලියක නිදර්ශනයක් අතරතුර ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ එම හෙළිකොප්ටරය මාඳුරු ඔය ජලාශයට කඩා වැටුණා.
මේ අතර ගුවන් හමුදා හෙලිකොප්ටර් යානය මාදුරු ඔය ජලාශයට කඩා වැටීමේ සිද්ධිය පිළිබදව සොයා බැලීම සදහා ගුවන් හමුදාපතිවරයා විසින් 9 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කර ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා.