30.6 C
Colombo
Sunday, July 13, 2025

Breaking: මත්පැන් සහ දුම්වැටි මිල ඉහළ​ට

- Advertisement -

සියලු මත්පැන් වර්ග සඳහා වන බදු ඉහළ නැංවීමට තීරණය කළ බව මුදල් අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව සුරාබදු 6% කින් මෙලෙස ඉහළ නංවා තිබෙනවා.

අමාත්‍යාංශය සඳහන් කළේ එම බදු ඉහළ නැංවීම අද (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක බවයි.

ඒ අනුව අති විශේෂ (ගල් අරක්කු) මත්පැන් බෝතලයක මිල රුපියල් 106 කින් පමණ ඉහළ යනු ඇති.

පවත්නා ආර්ථික තත්ත්වය හමුවේ මත්පැන් පරිභෝජනය විශාල වශයෙන් පහළ යෑම හේතුවෙන් පසුගිය කාලය පුරාවටම සුරාබදු ආදායම පහළ වැටුණා.

මේ හේතුවෙන් අනවසර මත්පැන් පරිභෝජනය ඉහළ ගිය අතර මේ හේතුවෙන් විවිධ සෞඛ්‍ය ගැටළුද වාර්තා වුණා.

කර්මාන්ත අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතා පසුගියදා යෝජනා කළේ ලංකා සීනි සමාගමේ නිපදවන එතනෝල් ඇසුරෙන් මිල අඩු මිල මත්පැන් හදුන්වාදීමට ඉදිරියේදී කටයුතු කරන බවයි.

තවද හෙට 11 සිට ක්‍රියාත්මක වන පරිදි දුම්වැටි මිල ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව කාණ්ඩ 4ක් යටතේ දුම්වැටියක මිල රු 5ක් සහ 10ක් ලෙස ඉහළ දමා තිබෙන බවයි පැවසෙන්නේ.

CAPSTAN සහ John Player වර්ගයේ දුම්වැටියක් රුපියල් 5කින් සහ dunhill සහ මිමී 83 වර්ගයේ Gold Leaf දුම්වැටියක් රුපියල් 10කින් වැඩි කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

පියුමිගෙ පුතාට ඇප දීලා

අත්අඩංගුවට ගත් පියුමි හංසමාලිගේ පුත්‍රයා ලක්ෂ පහක ශරීර ඇපයක් මත මුදා හැර තිබෙනවා. ඒ අද (13) වැඩබලන අතිරේක මහේස්ත්‍රාත් අංක 07 වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.  රාජගිරිය...

ලංකාව සහ චීනය සහයෝගීතාව තර කරගැනීමට එකඟතා

මැලේසියාවේ පැවැති විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීම්වලට සමගාමීව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා අතර...

අධ්‍යාපන ක්‍රමය වෙනස් වෙන්න ඕන – හරිනි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සිදුකිරීමේදී දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීම වෙනුවෙන් ගුරු විදුහල්පති ස්ථාන මාරු නිසි පරිදි සිදු විය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි...

POPULAR ARTICLES