Breaking:දියතලාව ෆොක්ස් හිල් රේස් එකේ අනතුරක්. පහක් මරුට

දියලතලාව නරියා කන්දේ දී පැවැත්වෙන ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් මෝටර් රථ ධාවන තරගාවලියක් අතරතුරදී සිදුවූ අනතුරකින් පුද්ගලයින් 5 දෙනෙකු මියගොස් තිබෙනවා. ධාවන තරගය අතරතුරදී මෝටර් රථයක් ධාවන පථයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුව තිබෙන බවට වාර්තා වනවා. අනතුරින් පුද්ගලයින් 21කට ආසන්න පිරිසක් තුවාල ලබා රෝහල්ගතකර තිබෙන බව පොලීසිය පවසනවා.