28 C
Colombo
Thursday, January 16, 2025

Breaking : දුමින්ද සිල්වා මෙවර ජාතික රෝහලට

- Advertisement -

බන්ධනාගාර රෝහලේ සිට ඊයේ (10) පස්වරුවේ යළි වැලිකඩ බන්ධනාගාරයේ සාමාන්‍ය සිරමැදිරියක් වෙත මාරු කර යැවූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මෙවර කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

වැලිකඩ බන්ධනාගාරය වෙත පැමිණ පැය කිහිපයක් තුළ යළිත් ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔහුව මෙලෙස කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සදහන් කරන්නේ.

මීට පෙර ඔහු කොළඹ පෞද්ගලික රෝහලකත් ඉන් අනතුරුව ජයවර්ධනපුර රෝහල තුළත් නේවාසිකව ප්‍රතිකාර ගනු ලැබූවා.

නමුත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් ජනාධිපති සමාව ලබාදුන් පසුව ඉක්මන් සුවය ලබා නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ලෙස කටයුතු කරනු දුමින්ද සිල්වා මහතා කටයුතු කළා.

පසුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ජනාධිපති සමාව ලබාදීමේ තීන්දුව බලරහිත කළ පසුව දුමින්ද සිල්වා නැවතත් හදිසියේ රෝගී වී රෝහල් ගතව දිගින් දිගටම ප්‍රතිකාර ගනු ලබනවා.


RECENT ARTICLES - SINHALA

අනුරගෙන් චීන ජනපතිට ආරාධනයක්

චීන ජනාධිපති ෂී ජින්පිං (Xi Jinping) මහතාට ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇරයුම් කර තිබෙනවා. තමාට සහ ශ්‍රී ලංකා...

රේගුවේ තවත් බහාලුම් 100ක් හිරවෙලා

බහාලුම් නිෂ්කාශනයේදී පවතින ප්‍රමාදය හේතුවෙන් ඔරුගොඩවත්ත RCT රේගු අංගනය තුළ සහ ඉන් පිටත මාර්ගයේ දිගු බහලුම් රථ පෝලිමක් අද (16) පෙරවරුවේ ද වාර්තා වුණා. නිෂ්කාශනය...

කළුබෝවිලත් වෙඩි තැබීමක්

0
කොහුවල පොලිස් වසමේ කළුබෝවිල ප්‍රදේශයේ පාසලක් ආසන්නයේ අද (16) දහවල් වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා. කොහුවල පොලීසිය පවසන්නේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති...

POPULAR ARTICLES

අනුරගෙන් චීන ජනපතිට ආරාධනයක්

චීන ජනාධිපති ෂී ජින්පිං (Xi Jinping) මහතාට ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇරයුම් කර තිබෙනවා. තමාට සහ ශ්‍රී ලංකා...

රේගුවේ තවත් බහාලුම් 100ක් හිරවෙලා

බහාලුම් නිෂ්කාශනයේදී පවතින ප්‍රමාදය හේතුවෙන් ඔරුගොඩවත්ත RCT රේගු අංගනය තුළ සහ ඉන් පිටත මාර්ගයේ දිගු බහලුම් රථ පෝලිමක් අද (16) පෙරවරුවේ ද වාර්තා වුණා. නිෂ්කාශනය...

ගාසා තීරයේ සටන් විරාම ගැන තීරණාත්මක රැස්වීමක් පරක්කු වෙලා

ඊශ්‍රායලයේ ආරක්ෂක කැබිනට් මණ්ඩලය ගාසා තීරයේ හමාස් සමඟ සටන් විරාමයක් සහ ප්‍රාණ ඇපකරු ගිවිසුමක් අනුමත කිරීම සඳහා සැලසුම් කර ඇති රැස්වීමක් ප්‍රමාද කර තිබෙනවා. ඊශ්‍රායල...