29 C
Colombo
Thursday, July 17, 2025

Breaking: දුමින්දට බන්ධනාගාර රෝහල අහිමිවෙයි

- Advertisement -

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයට අදාළව මරණ දඬුවම නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා බන්ධනාගාර රෝහලෙන්, වැලිකඩ බන්ධනාගාරයේ සාමාන්‍ය සිරමැදිරියක් වෙත මාරු කර යවා තිබෙනවා.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී. බී. දිසානායක මහතා සඳහන් කළේ අද (10) පස්වරුවේ දුමින්ද සිල්වා මෙලෙස වැලිකඩ බන්ධනාගාරයට මාරු කර යැවූ බවයි.

දුමින්ද සිල්වා බන්ධනාගාර රෝහල අවභාවිතා කරන බවට චෝදනා රැසක් එල්ලවූ බැවින් පසුගියදා ඔහුගේ රෝගී තත්ත්වය පිළිබදව සොයා බැලීමට වෛද්‍ය මණ්ඩලයක් පත් කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා මීට පෙර ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පවසා සිටියා.

එහිදී ඔහු සදහන් කළේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ඉල්ලීමකට අනුව තවදුරටත් දුමින්ද සිල්වා බන්ධනාගාර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගත යුතුදැයි සොයා බැලීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් වෛද්‍ය මණ්ඩලයක් පත් කළ බවයි.

RECENT ARTICLES - SINHALA

කහවත්ත තරුණයා ඝාතනය : තවත් දෙදෙනෙක් රිමාන්ඩ්

කහවත්ත තරුණයන් දෙදෙනෙකු පැහැර ගෙන ගොස් එක් තරුණයකු වෙඩි තබා ඝාතනය කර අනෙක් තරුණයාට තුවාල සිදු කළ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තවත් තරුණයන් දෙදෙනකු...

ඉතිහාසය සහ සෞන්දර්ය විෂයන් හැලිලද? හරිනිගෙන් පැහැදිලි කිරීමක්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට ඉතිහාසය හා සෞන්දර්ය විෂයන් ඇතුළත් නොවන බවට ඇතැම් පිරිස් දේශපාලන අරමුණින් යුතුව සාවද්‍ය ප්‍රකාශ සිදුකරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය...

කුරුලු උයනේ හිමිකරු රිමාන්ඩ්

නීතිවිරෝධීව මෙරටට ආනයනය කරන ලද යතුරුපැදි සඟවා තිබූ හම්බන්තොට, නාගරවැව කුරුලු උයනේ හිමිකරුව එළඹෙන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. සැකකරුව අද (17)...

POPULAR ARTICLES