ජනාධිපති අනුර කුමාර දිසානායක සහ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර ගැටලුව සම්බන්ධයෙන් උද්ඝෝෂණයක නිරත වූ දෙමව්පියන් පිරිසක් අතර සාකච්ඡාවක් ඊයේ (30) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා.
එහි ප්‍රතිඵලයක් ලෙස 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂාව සති දෙකකට අත්හිටු වීමටයි ජනාධිපතිවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත්තේ.
පසුගිය 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න 03ක් නොව ප්‍රශ්න 08ක් විභාගය පැවැත් වීමට පෙර පිටව ඇති බවත්, එබැවින් එහි පළමු ප්‍රශ්න පත්‍රයට අදාල විභාගය නැවත පවත්වන ලෙස ද දෙමව්පියන් මෙහිදී ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබෙන බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළා.