හමාස් දේශපාලන නායක ඉස්මයිල් හනියේ ඉරානයේ ටෙහෙරාන් හිදි ඝාතනය කර ඇති බව ඉරාන රාජ්‍ය මාධ්‍ය විසින් වාර්තා කරනවා.
හනියේ සහ ඔහුගේ ශරීරාරක්ෂකයෙකු සිටි ගොඩනැගිල්ලකට ප්‍රහාරයක් එල්ල වූ බවයි ඉරාන මාධ්‍ය විසින් වාර්තා කරන්නේ.
ඉරාන විප්ලවවාදී හමුදාවේ ප්‍රකාශයකට අනුව හනියේ ටෙහෙරාන් නුවරට පැමිණියේ නව ඉරාන ජනාධිපතිවරයා සිය ධුරයේ දිවුරුම් දුන් අවස්ථාවට සහභාගී වීමටයි.