25 C
Colombo
Monday, October 14, 2024

Breaking:ආගමන විගමන පාලක රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

- Advertisement -

ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (25) නියෝග කළා.

ඒ , විද්‍යුත් වීසා ක්‍රමය යටතේ වීසා නිකුත් කිරීමට රජය ගෙන තිබූ තීරණය බල රහිත කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගිය අගෝස්තු දෙවැනිදා නිකුත් කළ අතුරු තහනම් නියෝගය අනුව කටයුතු නොකිරීම හේතුවෙන්.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රීති පද්මන් සූරසේන, කුමුදුනී වික්‍රමසිංහ හා අචල වෙංගප්පුලි යන මහත්ම මහත්මීන් අද මෙම නියෝගය කර තිබෙනවා.

අධිකරණය විසින් පැවැති විද්‍යුත් වීසා ක්‍රමය බල රහිත කරමින් පැරණි වීසා බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමය යටතේ වීසා නිකුත් කරන ලෙසට ආගමන විගමන පාලක ජනරාල්වරයාට අතුරු තහනම් නියෝග නිකුත් කර තිබුණා

මාසයකට අධික කාලයක් ගත වී තිබුණ ද මේ දක්වා අධිකරණ නියෝග අනුව කටයුතු කිරීම ආගමන විගමන පාලක ජනරාල්වරයා චේතාන්විතව හිතාමතා පැහැර හැර ඇති බැවින් ඔහුට එරෙහිව සුදුසු නීතිමය පියවර ගන්නා ලෙස, පසුගිය සැප්තැම්බර් 13 වැනිදා මෝසම් පත්‍ර ගොනු කරමින් පෙත්සම්කාර පාඨලී චම්පික රණවක, රවුෆ් හකීම් හා එම්.ඒ.සුමන්තිරන් යන මහත්වරුන් අධිකරණයට දන්වා සිටියා.

එදින කරුණු සලකා බැලූ විනිසුරුවරුන් පෙත්සම්කම්කාර පාර්ශවයන්ට නියෝග කළේ, අධිකරණය ලබාදුන් නියෝග අනුව කටයුතු කිරීම ආගමන විගමන පාලක ජනරාල්වරයා හිතාමතා නොසලකා හැර ඇති බව බැලූ බැල්මට අධිකරණයට පෙනී යන බැවින් අධිකරණයට අපහස කිරීමේ චෝදනා යටතේ ඔහුට එරෙහිව චෝදනා පත්‍ර ගොනු කරන ලෙසයි.

ඒ අනුව අද දින පෙත්සම් යළි කැඳවූ අවස්ථාවේ පෙත්සම්කාර පාර්ශව විසින් ආගමන විගමන පාලක ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහස කිරීමේ චෝදනා යටතේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ චෝදනා පත්‍ර ගොනු කළ අතර ඒ අවස්ථාවේ දී චෝදනා පත්‍රය ඔහුට විවෘත අධිකරණය හමුවේ කියවා දීම සිදුකළා.

පසුව රටේ ඉහළම අධිකරණය ලබා දුන් නියෝග නොසලකා හැරීම ඉතාම බරපතළ තත්ත්වයක් බවත්, නීතියේ ආධිපත්‍ය රැක ගැනීමේ විනිසුරුවරුන්ගේ වගකීමක් වන බවත්, අවධාරණය කළ විනිනසුරු මඩුල්ල ඔහු අත්අඩංගුවට ගැනීමට බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කර සිටියා.

ඒ අනුව පෙත්සම් විභාගය අවසන් වනතුරු ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරන බව විනිසුරු මඩුල්ල නියෝගය ලබා දෙමින් ප්‍රකාශ කළා.

අදාළ පෙත්සම යළි ජනවාරි මස 22 වනදා කැඳවීමට නියමිතයි.


RECENT ARTICLES - SINHALA

ප්‍රදේශ රැසකට අදත් මිලිමීටර් 100 ඉක්මවූ වැසි

දිස්ත්‍රික්ක 12 කට බලපා ඇති අධික වැසි සහිත කාලගුණික තත්වය හේතුවෙන් පවුල් 34,492 ක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසනවා. එම මධ්‍යස්ථානය පැවසුවේ, ඒ...

කටුකුරුන්දේ දුම්රිය අනතුර සියදිවි නසාගැනීමක් බවට අනාවරණයක්

කළුතර කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී තිදෙනෙකුට දිවි අහිමි කරමින් ඊයේ (12) රාත්‍රියේ සිදුවූ දුම්රිය අනතුර සියදිවි නසා ගැනීමක ප්‍රතිඵලයක් බවට පොලීසියට තොරතුරු අනාවරණ වී තිබෙනවා. පොලීසිය...

මාලිමාවෙන් පාර්ලිමේන්තුවට රත්නපුරෙන් එන අය මෙන්න

මෙවර මහමැතිවරණය සදහා ජාතික ජන බලවේගයෙන් රත්නපුර දිස්ත්‍රික්කයෙන් අපේක්ෂකයින් 14 දෙනෙකු ඉදිරිපත්වි තිබෙනවා. ඒ අනුව, අපේක්ෂකයින් පසුගිය 11 වැනිදා රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේදී නාමයෝජනා භාර...

POPULAR ARTICLES

ජොන්ස්ටන්ගේ BMW සෙල්ලම ගැන තවත් තොරතුරු එළියට

ලියාපදිංචි නොකළ BMW කාර් රථයක් භාවිතා කළ බවට සිදු කරන විමර්ශනකට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුට විදේශ ගමන් තහනමක් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින්...

එළවළු සහ මාළු මිල ගණන් පහළට

0
මේ දිනවල සියලු ආර්ථික මධ්‍යස්ථානවල එළවළු මිලෙහි මෙන්ම මත්ස්‍ය මිල ගණන් ද සීඝ්‍රයෙන් පහත බැස ඇති බවයි වෙළෙදුන් පවසනවා. වැඩි එළවළු අස්වැන්නක් ලැබීම හේතුවෙන් වෙළඳපොල...

බස්නාහිර පළාතේ පාසල් කිහිපයක් වසා දැමේ

පවතින අයහපත් කාලගුණයේ හේතුවෙන් බලපෑ ආපදා තත්ත්වය හේතුවෙන් කැලණිය සහ මීගමුව අධ්‍යාපන කලාපවල පාසල් හතරකට හෙට (14) දිනයේ නිවාඩු ලබා දී තිබෙනවා. අනුව කැලණිය මහා...